DHL Sri Lanka සහ SOS හවු­ල්කා­රී­ත්වය අලු­ත් ක­රයි | සිළුමිණ

DHL Sri Lanka සහ SOS හවු­ල්කා­රී­ත්වය අලු­ත් ක­රයි

ලොව ප්‍රමුඛතම ලොජිස්ටික් සමාගම වන DHL, ශ්‍රී ලංකාවේ SOS ළමා ගම්මාන සමඟ ඇතිකරගත් හවුල්කාරිත්වය තවත් වසර තුනක් සඳහා අළුත් කර තිබේ. කුසලතා හා නිපුණතා පුහුණු වැඩසටහන් මඟින් තරුණ ප්‍රජාවේ රැකියා අවස්ථා ඉහළ නැංවීම කෙරෙහි මෙම හවුල් කාරිත්වයේ අවධානය යොමු කරයි.

දශකහතරකට ආසන්න කාලයක් මුළුල්ලේ SOS ළමා ගම්මාන ජාත්‍යන්තර සංවිධානය යටතේ ශ්‍රී ලංකාවේ SOS ළමා ගම්මාන වැඩසටහන, මව්පිය රැකවරණය නොමැති දරුවන්ට සහ දෙමාපිය රැකවරණය අහිමිවීමේ අවදානමට ලක්වූ දරුවන්ට රැකවරණය සලසා දී ඇත.

පිළියන්දල, ගාල්ල, නුවරඑළිය, අනුරාධපුර, මොණරගල සහ යාපනය යන ප්‍රදේශවල පිහිටි සිය ගම්මානවල 800කට අධික දරුවන් සංඛ්‍යාවකට SOS ළමා ගම්මාන විසින් රැකවරණය සලසනු ලබයි.

SOS පවුල් ශක්තිමත් කිරීමේ වැඩසටහන තුළින් දෙමවුපියන්ගේ රැකවරණය අහිමිවීමේ අවදානමට ලක්ව සිටින ළමුන් 3,200කට අධික සංඛ්‍යාවකටද එය විසින් සහාය දෙනු ලැබේ.

 

Comments