මෙල්ස්ටා සමා­ගමෙන් මෙල්ස්ටා ඔසු­සල් දියත් කරයි | සිළුමිණ

මෙල්ස්ටා සමා­ගමෙන් මෙල්ස්ටා ඔසු­සල් දියත් කරයි

ශ්‍රී ලංකාවේ කීර්තිමත්ම සමූහ ව්‍යාපාරයක් වන මෙල්ස්ටාකෝප් සමාගම ශ්‍රී ලාංකිකයින් හට ජාත්‍යන්තර තලයේ සෞඛ්‍ය සේවාවන් ලබා දීමේ දැක්ම ඇතිව 2017 වසරේදී සෞඛ්‍ය සේවා අංශයේ ව්‍යාපාර ආරම්භ කළේය. මෙල්ස්ටාකෝප් සමාගම අද වනවිට මේ ඉලක්කය වෙනුවෙන් කැපවුණු ඉහළම තත්ත්වයේ සෞඛ්‍ය සේවා ආයතන ගණනාවක හිමිකාරීත්වය දරන අතර තවත් ගණනාවක කළමනාකරණය මෙහෙයවයි.

මෙල්ස්ටා ඔසුසැල් ප්‍රධාන ශාඛාව විසින් ඖෂධ නිවසටම ගෙනවිත් දීම, නොමිලේ සෞඛ්‍ය පරීක්ෂාවන්, ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා විශේෂ වට්ටම්, රෝගීන් සඳහා විශේෂ උපදේශනය වැනි පහසුකම් හා සේවාවන් රැසක් සපයන පළපුරුදු වෘත්තීය කාර්යමණ්ඩලයක් විසින් මෙහෙයවනු ලබන ඔසුසලකි. මව්වරුන් සහ ළදරුවන් සඳහා වන නිෂ්පාදනවල සිට, සුවතාවය සහ එදිනෙදා පරිභෝජනය සඳහා වන නිෂ්පාදන, පුද්ගලික සනීපාරක්ෂක නිෂ්පාදන දක්වා පුළුල් පරාසයක භාණ්ඩ මෙල්ස්ටා ඔසුසලෙහි අලෙවි කෙරෙන අතර පාරිභෝගිකයින් හට අන්තර්ජාලය ඔස්සේ භාණ්ඩ ඇණවුම් කර ඉක්මනින් නිවසටම ගෙන්වා ගැනීමේ පහසුවද මෙල්ස්ටා ඔසුසල විසින් හඳුන්වාදී ඇත.

Comments