ක්‍රිස්බෝ වෙතින් හරිත සත්කා­ර­යක් | Page 2 | සිළුමිණ

ක්‍රිස්බෝ වෙතින් හරිත සත්කා­ර­යක්

ක්‍රිස්්බෝ සිය තිරසර ව්‍යාපාරික පිළිවෙත් ආරක්ෂා කර ගනිමින් පරිසරය රැක ගැනීම සඳහා වන කැපවීම මැනවින් පෙන්නුම් කර ඇත. ක්‍රිස්බෝ සමූහය විසින් ක්‍රියාත්මක කරනු ලබන ප්‍රමුඛතම ආයතනික සමාජ වගකීම් ප්‍රවේශයන් අතර වන ක්‍රිස්බෝ ‘හරිත සත්කාරය’ පාරිසරික වැඩසටහන යටතේ සමාගමට අයත් ගම්පොළ කුකුළු මස් සැකසුම් කර්මාන්ත ශාලා පරිශ්‍රය ආශ්‍රිතව කායා පැළ 250කට අධික සංඛ්‍යාවක් අලූතින් රෝපණය කිරීමට පසුගියදා පියවර ගන්නා ලදි.

ලංකාවේ හරිත ඝනත්ත්වය ශීඝ්‍රයෙන් අඩුවෙමින් පවතින අවස්ථාවක ක්‍රිස්බෝ සිය ආයතන පරිශ්‍රය තුළින් සමාජයට ලබා දුන් යහපත් පණිවිඩය අන් ආයතනයන්ට ද ආදර්ශයකි.

පාරිසරික දත්තයන්ට අනුව 1990 සිට 2011 වන විට මෙරට කාබන් ඩයොක්සයිඩ් විමෝචනය 43කින් පමණ වර්ධනය වී ඇත.

මෙම තත්වය අවබෝධ කර ගෙන සිටින ක්‍රිස්බෝ සමාගම සිය තිරසාර ව්‍යාපාර දැක්ම ශක්තිමත් කරමින් සමාගමේ හරිත සත්කාරය වැඩසටහන ඔස්සේ තෝරා ගත් පාරිසරික සංවේදී කලාපයන්වල අලූතින් පැළ 3500කට අධික සංඛ්‍යාවක් මේ වන විට රෝපණය කර ඇත.

Comments