ලේක්හ­වුස් නිවාඩු නිකේ­ත­න­යට නව වෙබ් අඩ­වි­යක් | Page 2 | සිළුමිණ

ලේක්හ­වුස් නිවාඩු නිකේ­ත­න­යට නව වෙබ් අඩ­වි­යක්

ලේක්හවුස් ආයතනය මඟින් පවත්වාගෙන යනු ලබන කතරගම නිවාඩු නිකේතනය නවීන පහසුකම්වලින් සමන්විත කිරීමෙන් පසු ඒ සඳහා නව වෙබ් අඩවියක් හඳුන්වාදීම ජනමාධ්‍ය ඇමැති කැබිනට් ප්‍රකාශක ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ලගේ ප්‍රධානත්වයෙන් ජනමාධ්‍ය අමාත්‍යාංශයේදී ජූලි 21 සිදුවූ අයුරු. මෙම අවස්ථාවට ලේක්හවුස් සභාපති ජනාධිපති නීතිඥ ඩබ්ලිව්. දයාරත්න, නීති හා පාලන අධ්‍යක්ෂ නීතිඥ රඛිත අබේගුණවර්ධන, කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ධර්ම ශ්‍රී කාරියවසම්, මූල්‍ය අධ්‍යක්ෂ නීතිඥ ජනක රණතුංග හා මෙහෙයුම් අධ්‍යක්ෂ නීතිඥ කණිෂ්ක විතාරණ යන අයද ලේක්හවුස් ආයතනයේ ඉහළ නිලධාරීහු ද එක්වූහ. නවීන මාදිලියේ කාමර 30 කින් යුත් නව කතරගම ලේක්හවුස් නිවාඩු නිකේතනය සුඛෝපභෝගී කාමර 12 කින් ද සමන්විතය. වැඩි විස්තර සඳහා www.lakehouserest.lk වෙත පිවිසිය හැකි ය.

Comments