රාජ්‍ය ආයතන ඩිජිටල්කරණයට -මුදල් ඇමැති බැසිල් කියයි | Page 2 | සිළුමිණ

රාජ්‍ය ආයතන ඩිජිටල්කරණයට -මුදල් ඇමැති බැසිල් කියයි

ර්ථිකය සවිබල ගන්වන යෝජනාවලට ඉදිරි මාස හය ඇතුළත ප්‍රමුඛතාව දක්වන බව මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ පවසයි.

දැනටමත් තාක්ෂණය ආශ්‍රිත රැකියා මඟින් අපේ රටට ‘රුපියල් කෝටි 120 ක ආදායමක් ලැබෙන බවත් ඒ අනුව එවැනි ආදායම් මාර්ග පිළිබඳව වැඩි අවධානයක් යොමු කරන බවත් ඇමැතිවරයා පැවසීය.

එන්නත්කරණ වැඩපිළිවෙළට අවශ්‍ය සියලු මුදල් කිසිදු කොන්දේසියක් නැතිව ලබාදෙන බවත් එන්නත්කරණය සාර්ථකව සිදුකර ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂාව සලසා රට පූර්ණ ලෙස විවෘත කිරීමට රජය ප්‍රමුඛතාව දී ඇති බවත් ඒ නිසා කඩිනමින් රටේ ආර්ථික අංශ ක්‍රියාවට නැංවීමට හැකිවනු ඇතැයි ද ඇමැතිවරයා අවධාරණය කළේය.

‘හරිත ශ්‍රී ලංකාවක්’ වැඩපිළිවෙළ යටතේ අනාගත පරපුරට ප්‍රබලව බලපාන කරුණු 27 ක් පිළිබඳව අවධානය යොමු කරන බවත් ඒ අතරම සියලු රාජ්‍ය ආයතන ඩිජිටල්කරණය කිරීමට ප්‍රතිපාදන වෙන් කිරීමට සැලසුම් කර ඇතැයි ද බැසිල් රාජපක්ෂ පෙන්වා දෙයි. ඔහු මේ අදහස පළ කළේ අරලියගහ මන්දිරයේදී ඉකුත්දා පැවැති ආණ්ඩුකාරවරුන්, දිස්ත්‍රික් ලේකම්වරුන් හමුවූ අවස්ථාවකදීය.

 

Comments