දැරියගේ අභිරහස් මරණයට රිෂාඩ්ගේ බිරිය අත්අඩංගුවට | Page 3 | සිළුමිණ

දැරියගේ අභිරහස් මරණයට රිෂාඩ්ගේ බිරිය අත්අඩංගුවට

පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු ඇමැති රිෂාඩ් බද්යුද්දීන්ගේ නිවෙසේ සේවයේ යෙදි සිටි 16 හැවිරිදි දැරිය පිලිස්සි මියයෑමේ සිද්ධිය සම්බන්ධයෙන් බොරැල්ල පොලිසිය මඟින් සිකුරාදා අලුයම අත්අඩංගුවට ගත් මන්ත්‍රීවරයාගේ බිරිය වන අයේෂා බද්යුද්දීන් (46) අධිකරණයට කරුණු වාර්තා කොට රැඳවුම් නියෝග මත පැය 72ක් රඳවාගෙන වැඩිදුරටත් ප්‍රශ්න කරමින් සිටී.

මන්ත්‍රීවරයාගේ බිරිඳ සමඟ ඇගේ පියා වන මොහොමඩ් ශියාබ්දින් (70) තැරැව්කාර පොන්නයියා පණ්ඩාරම් හෙවත් ශන්කර් (64) අත්අඩංගුවටගෙන තිබේ. එමෙන්ම හිටපු ඇමැති රිෂාඩ්ගේ බිරිඳගේ සහෝදරයා වන මැදවච්චියේ පදිංචි ශියාබ්දින් ඉස්මදින් (44) නමැත්තාද අත්අඩංගුවටගෙන ඇති අතර ඔහුට එරෙහිව ඇති චෝදනාව වන්නේ රිෂාඩ්ගේ නිවෙසේ මෙහෙකාර සේවයේ යෙදී සිටි 22 හැවිරිදි තවත් තරුණියක දෙවරක් දූෂණය කිරීමේ චෝදනාවයි. පිලිස්සි මියගිය 16 හැවිරිදි ඉෂාලිනිද කලෙක සිට ලිංගික අතවරවලට ලක්ව සිටි බව අධිකරණ වෛද්‍ය වාර්තාවේ සඳහන්ය.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ පවසන පරිදි විමර්ශනයේදී දැරිය කෘෘරත්වයට භාජනය කර ඇති බවත් ‘තැනැත්තන්‘ වෙළෙඳාම නමැති වරද සිදුකර ඇති බැවින් අත්අඩංගුවට පත් පිරිස පිළිබඳ වැඩිදුර විමර්ශන සිදුවන බවය. (මේ පිළිබඳ විශේෂ ලිපියක් 5 වැනි පිටුවේ පළ වේ.)

 

 


Comments