කතරගම පෙරහර නිමාවට පත්වෙයි | Page 3 | සිළුමිණ

කතරගම පෙරහර නිමාවට පත්වෙයි

කුත් ජූලි 10 වැනිදා ආරම්භ වූ කතරගම පෙරහර මංගල්‍යයේ අවසන් පෙරහර 23 දා පුන් පොහෝ දින පැවැත්විණි. පොදුජන සහභාගිත්වයෙන් තොර වුවද ඉතා උත්කර්ෂවත් ලෙස පැවැති කතරගම පෙරහර මංගල්‍යය දිය කැපීමෙන් පසු 24 වැනි සෙනසුරාදා නිමාවට පත්විය. කතරගම පෙරහරේ මෙවර බැතිබර මාධ්‍ය දායකත්වය ලේක්හවුස් පුවත්පත් ආයතනයේ අනුග්‍රහයෙන් සිදුවිණි. විචිත්‍ර නර්තන අංගයන්ගෙන් සහ කරඬු සහිත හස්තියන් පිරිවරාගෙන පැවැති කතරගම පෙරහර 22 වැනිදා රාත්‍රි විදි සංචාරය කළ අයුරුයි මේ. රුහුණු කතරගම මහා දේවාලයේ බස්නායක නිලමේ ඩිෂාන් ගුණසේකරද මෙහි වේ.

සේයාරුව කේ. ටී. සන්දිම දේවප්‍රිය

Comments