අලි - මිනිස් ගැටුම් මැඬලීමට අලුත් ප්‍රතිපත්තියක් | සිළුමිණ

අලි - මිනිස් ගැටුම් මැඬලීමට අලුත් ප්‍රතිපත්තියක්

මෙරට අලි මිනිස් ගැටුම අවම කිරීමට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව මෙතෙක් අනුගමනය කරන ප්‍රතිපත්තිය ඵල රහිත බවත් ඒ වෙනුවෙන් දැනට ප්‍රාදේශීයව සාර්ථක වී ඇති අලි මිනිස් ගැටුම අවම කිරීමට ආචාර්ය පෘථිවිරාජ් ප්‍රනාන්දු ඉදිරිපත් කර ඇති නව ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන ලෙස රාජ්‍ය ගිණුම්කාරක සභාව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට නියම කර ඇත.

අපේ රටේ අලි මිනිස් ගැටුම් හේතුවෙන් වසරකට මිය යන අලි ඇතුන් ප්‍රමාණය 272 ක් වුව ද 2019 වසරේදී අලි ඇතුන් 407 ක් මිය ගොස් ඇතැයි ගිණුම් කාරක සභාවේදී අනාවරණය විය. එමෙන් ම අලි - මිනිස් ගැටුම හේතුවෙන් සාමාන්‍යයෙන් වසරකට මිය යන මිනිසුන් ගණන 85 ක් වුව ද 2019 දී ඒ ප්‍රමාණය 122 දක්වා වැඩිවී තිබිණි.

 

Comments