ක්ලැරන්ස් විජේවර්ධනගේ ගීත වලට තමයි මම වැඩිපුරම කැමති | සිළුමිණ

ක්ලැරන්ස් විජේවර්ධනගේ ගීත වලට තමයි මම වැඩිපුරම කැමති

 

ක්‍රීඩකයකුගේ එකම සිහිනය කෙදිනක හෝ තම ක්‍රීඩා දිවියේ දී අන්තර්ජාතික ව ඉහළටම පැමිණිම ය. නිලූක කරුණාරත්න යනු බැඩ්මින්ටන් ක්‍රීඩාවේ දී ශ්‍රී ලංකාව පාර්ශ්වයේ ප්‍රබල නමක් සේ දැක්විය හැකි ය. අවස්ථා 17 ක දී අඛණ්ඩව බැඩ්මින්ටන් ජාතික ශුරතාව දිනා ඇති නිලූක 2002 වසරේ සිට 2018 වසර දක්වා පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රිඩා තරගාවලි 5 ක් නියෝජනය කළ ක්‍රීඩකයෙකී. 2011 වසරේ දී ඔහු තම පළමු අන්තර්ජාතික ජයග්‍රහණයට හිමිකම් කීවේ ය.

එතැන් පටන් අන්තර්ජාතික ජයග්‍රහණ 24 ක් ජය ගෙන ඇති ඹහු මහාද්විප පහේ දී ම රන් පදක්කම් දිනා ගෙන ඇති එක ම ශ්‍රී ලාංකික ක්‍රීඩකයා ද වෙයි. මෙවර අපි ක්‍රීඩා දිවියේ ජිවිතයේ අනික් පැත්ත ගැන නිලුක කරුණාරත්න ගෙන් විමසා සිටියෙමු.

ඹබව මුලින්ම ඔබට හැඟෙන විදිහට හඳුන්වමු ද?

ක්‍රිඩාව ජිවිතය කර ගත්, සාමාන්‍ය සරල ජීවිතයක් ගත කරන සාමාන්‍ය කෙනෙක්.

උපන්දිනය එහේම කියන්න කැමැති ද?

1985 පෙබරවාරි 13

උපන් ගම?

ගාල්ල, බලපිටිය

පවුල් සංයුතිය?

මමයි, අම්මයි, තාත්තායි, මල්ලිලා තුන් දෙනයි.

පවුල කොහොම ද?

මුළු පවුලම ක්‍රීඩාවට කැප වුණ පවුලක්.

ඹබ විවාහක ද?

ඔව්. මගේ බිරිය ෂෙහාරා පතිරාජ. මට දුවක් ඉන්නවා ඇය ටස්මි කරුණාරත්න.

කැමැති, අකැමැති දේවල් ගැන කතා කරමු?

ක්‍රීඩාවට සම්බන්ධ ඕනෑම ක්‍රියාකාරිත්වයකට මම ඇළුම් කරනවා. බොරුවට මෙන්ම සෘජු නොවන ඹ්ලාරික ප්‍රතිපත්තිවලට මම අකැමැතියි.

පත්තර එහේම බලනවා ද?

ඉස්සර නම් බැලුවා. දැනුත් ක්‍රීඩා පිටුව හැකි හැම විටම කියවනවා.

ටී.වී.බලනවාද?

නෑ. බලන්න වෙලාවකුත් නෑ.

පොත් එහම කියවනව ද?

ඉස්සර නම් තෝරා බේරා ගෙන හරි පොත් කියවපු අවස්ථා තිබුණා. දැන් නම් කියවපු කාලයක්වත් මතක නෑ.

කැමැති ලේඛකයෝ ඉන්නවා ද?

එහෙම විශේෂයක් නෑ.

සිනමාවට කැමති ද?

ඹව්. ගොඩක් කැමැතියි.

සංගීතයට තිබෙන කැමැත්ත මොන වාගේ ද?

මම හැම වෙලාවේම සංගීතය රසවිඳිනවා. සංගීතයට ඉතාමත් ප්‍රියයි.

විශේෂයෙන් තෝරා ගෙන අහන සිංදු තියෙනවා ද?

ක්ලැරන්ස් විජේවර්ධන මහතාගේ ගීතවලට තමයි මම ගොඩාක් ප්‍රිය කරන්නේ. ඒ වගේම මැක්ස්වෙල් මෙන්ඩිස් මහතාගේ තොරා ගත් ගීත කිහිපයකට ඇළුම් කරනවා. මගේ ප්‍රියතම ගායකයා ක්ලැරන්ස්.

ඹයාගේ පරමාදර්ශී චරිතය?

වත්මන් පාකිස්තාන් අගමැති ඉම්රාන් ඛාන්.

විදේශ සංචාරයන් සම්බන්ධයෙන් කතා කරමු?

මම රටවල් 75 ක පමණ සංචාරය කරලා තියෙනවා.

ඔබ අද සිටින තත්ත්වය ගැන මොකද හිතෙන්නේ?

මම ඉතාමත්ම තෘප්තිමත්.

ගීෂා මුණසිංහ

Comments