ලේක් හවුස් කතරගම රෙස්ට් වෙබ් අඩවිය ජනගත කෙරේ | Page 2 | සිළුමිණ

ලේක් හවුස් කතරගම රෙස්ට් වෙබ් අඩවිය ජනගත කෙරේ

සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ කතරගම නිවාඩු නිකේතනය නවීන පහසුකම් සහිතව නවීකරණය කර ඒ සඳහා නව වෙබ් අඩවිය සයිබරයට මුදා හැරීම අද (21) ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දී සිදුවිය
 
WWW.lakehouserest.lk නව වෙබ් අඩවිය ජනගත කිරීම ජනමාධ්‍ය අමාත්‍ය කැබිනට් ප්‍රකාශක ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා අතින් ජනමාධ්‍ය අමාත්‍යංශ ශ්‍රවණාගාරායේ දී අද සිදුවිය.
 
කාමර 30 කින් සමන්විත මෙම නිවාඩු නිකේතනයෙහි අති සුඛෝපභෝගී කාමර 12 ක් ද ඇතුළත්ය.
 
ලොව නව ප්‍රවණතා රාජ්‍ය හෝ පෞද්ගලික අංශයන් තනිව නැගී නොසිට එක් එක් ක්ෂ්ත්‍ර ජාලයක් ලෙසින් නැගී සිටීම බවත් ඒ තුළ බොහෝ රටවල් වඩාත් ශක්තිමත්ව නැගී සිටින බවත් අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළේය
 
ලේක් හවුස් රෙස්ට් නව වෙබ් අඩවිය මඟින් ලේක් හවුස් නිවාඩු නිකේතනයේ කාමර වෙන් කිරීමේ පහසුකම මෙන්ම කතරගම පුද බිම අවට වෙනත් සංචාරක ආකර්ෂණියත්වයට පත් ස්ථාන පිළිබඳ සියළු තොරතුරු දැන ගැනීමේ හැකියාව පවතියි
 
ලේක් හවුස් ආයතනය මෙරට කීර්තිමත් ආයතනයක් බව ද පවතින ගෝලීය පීඩනය හමුවේ ක්ෂ්ත්‍ර රාමුවෙන් පිටට ගොස් ආයතනය ගොඩනැංවීම සඳහා සභාපතිතුමා අධ්‍යක්ෂක මණ්ඩලය ප්‍රමුඛ සෑම දෙනා සිදු කරන කැප කිරීම අගය කරන බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය
 
මෙම අවස්ථාවට සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ සභාපති හා කළමණාකාර අධ්‍යක්ෂ ජනාධිපති නීතිඥ ඩබ්ලිව් .දයාරත්න ,නීති පරිපාලන අධ්‍යක්ෂ නීතිඥ රඛිත අබේගුණවර්ධන ,කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ධර්ම ශ්‍රි කාරියවසම් ,මුල්‍ය අධ්‍යක්ෂ නීතිඥ ජනක රණතුංග ,මෙහෙයුම් අධ්‍යක්ෂ නීතිඥ කණිෂ්ක විතාරණ යන මහත්වරුන් ඇතුළු ලේක් හවුස් ආයතනයේ ඉහළ කළමණාකාරීත්වයේ පිරිසක් එක්ව සිටියහ
 

Comments