අද දවසේ කාලගුණය | සිළුමිණ

අද දවසේ කාලගුණය

බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව නිවේදනය කරයි.
 
 සබරගමුව සහ මධ්‍යම පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 50 ක පමණ තරමක තද වැසි ඇතිවිය හැක.
 
වයඹ පළාතේ වැසි වාර කිහිපයක් ඇති වේ.
 
දිවයින හරහා විටින් විට හමන පැ.කි.මී. (40-50) දක්වා වන තරමක තද සුළං ඇතිවිය හැකි අතර මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් හම්බන්තොට, මන්නාරම, වව්නියා, කිලිනොච්චි සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් සුළගේ වේගය විටින් විට පැ.කි.මී. (60-70) දක්වා වැඩි විය හැක.

Comments