සෙලාන් බැංකු­වෙන් Facebook හරහා ව්‍යවසා­ය­ක­යන්ට සම්ම­න්ත්‍ර­ණ­යක් | සිළුමිණ

සෙලාන් බැංකු­වෙන් Facebook හරහා ව්‍යවසා­ය­ක­යන්ට සම්ම­න්ත්‍ර­ණ­යක්

සුහද හදක් ඇති දේශීය බැංකුව, සෙලාන් බැංකුව, මෙරට සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර වලට Facebook සමාජ මාධ්‍යජාලය භාවිතයෙන් තම ව්‍යාපාර වැඩිදියුණු කරගන්නා ආකාරය පිළිබඳව මගපෙන්වීමක් ලබාදීම සඳහා විශේෂ වෙබ් සම්මන්ත්‍රණයක් (webinar) පැවැත්වීමට පසුගියදා කටයුතු කළේ ය. Zoom, YouTube සහ Facebook හරහා සජීවීව විකාශනය කරන ලද මෙම සම්මන්ත්‍රණයට 1,000 කට ආසන්න පිරිසක් එක්වූහ.

'වත්මන් වාතාවරණය තුළ ව්‍යාපාර වර්ධනය වේගවත් කරගැනීම සඳහා ඵලදායී ලෙස Facebook භාවිතා කරමු' යන තේමාව යටතේ පැවති මෙම සම්මන්ත්‍රණය, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ක්ෂේත්‍රය නැංවීම සඳහා අවශ්‍ය වන ඩිජිටල් මෙවලම් හඳුන්වා දීම ඉලක්ක කරගෙන සෙලාන් බැංකුව විසින් ක්‍රියාවට නංවනු ලබන වැඩසටහන් මාලාවක එක් වැඩසටහනකි.

ආර්ථික වශයෙන් අවිනිශ්චිත මෙවැනි කාල වලදී, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර හා ක්ෂුද්‍ර පාරිභෝගික අංශ වලට සිය තරගකාරීත්වය පවත්වා ගැනීමට අත්වැලක් වීම සඳහා, විවිධ විෂය කරුණු යටතේ නිපුණතා සංවර්ධන වැඩසටහන් සංවිධානය කිරීමට සෙලාන් බැංකුව නිරන්තරයෙන් පියවර ගනී. දැනට පවතින COVID-19 තත්ත්වය තුළ, සමාජ මාධ්‍ය ඔස්සේ තම ව්‍යාපාර ප්‍රවර්ධනය කරන ආකාරය සම්බන්ධයෙන් ව්‍යවසායකයන්ට පැහැදිලි මඟපෙන්වීමක් ලබාදීම අරමුණු කරගෙන මෙම සම්මන්ත්‍රණය සංවිධානය කර තිබිණි.

මෙම සම්මන්ත්‍රණය සහ, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ක්ෂේත්‍රය නැංවීම සඳහා සෙලාන් බැංකුව දරන උත්සාහය සම්බන්ධයෙන්, එම බැංකුවේ සහකාර සාමාන්‍යාධිකාරී (ශාඛා ණය) රනිල් දිසානායක මෙසේ අදහස් දැක්වී ය. සෙලාන් බැංකුව යනු කවදත් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර වල වර්ධනයට අත්වැලක් වීම සඳහා පෙරමුණ ගත් බැංකුවක්. සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර අංශය යනු රටේ ආර්ථිකයේ ජීවනාලිය බව අප විශ්වාස කරනවා.

ඒ නිසා තම ව්‍යාපාර දියුණු කරගැනීමට කැපවන එම ව්‍යවසායකයන්ට සිය උපරිම හැකියාවන් කරා ළඟා වීමට සහයෝගය ලබා දීමට අප සෑම විටම සූදානම්. මෙම ව්‍යාපාර ක්ෂේත්‍රයේ වර්ධනය සාක්ෂාත් කරගැනීමට නම් දැනුම බෙදාහදා ගැනීම සහ නිපුණතා සංවර්ධනය අතිශයින් වැදගත් බව අපගේ විශ්වාසයයි.

Comments