විෂන් කෙයා ඇක­ඩ­මිය දෘෂ්ටි­මි­තික දිනය සහ 11 වන වාර්ෂික විද්‍යා­ත්මක සැසිය සම­රයි | සිළුමිණ

විෂන් කෙයා ඇක­ඩ­මිය දෘෂ්ටි­මි­තික දිනය සහ 11 වන වාර්ෂික විද්‍යා­ත්මක සැසිය සම­රයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම දෘෂ්ටි සේවා සපයන්නා වූ විෂන් කෙයා ආයතනය යටතේ ඇති අධ්‍යාපන ආයතනය වන විෂන් කෙයා ඇකඩමිය, සිය දෘෂ්ටිමිතික දිනය සහ වාර්ෂික විද්‍යාත්මක සැසිය පසුගියදා සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව සුවිශේෂී virtual උළෙලක් ලෙස පවත්වනු ලැබීය.

“යථාර්ථයේ දැක්ම” යන තේමාව යටතේ පවත්වන ලද මෙම සැසිය පවත්නා වසංගත තත්ත්වය සමඟ ඇතිවූ “නව සාමාන්‍ය” යථාර්ථයන්ට හැඩගැසීමට විෂන් කෙයා හට ඇති හැකියාව ඉස්මතු කර දැක්වූ අතර සාමාන්‍ය ජනතාව අතර අක්ෂි සත්කාර ක්‍රමවේදයන් ප්‍රවර්ධනය කිරීම සඳහා අක්ෂි විශේෂඥයින් සමඟ එක්වී සහයෝගයෙන් කටයුතු කිරීමට ආයතනයේ ඇති කැපවීම පෙන්නුම් කළේය.

මෙම අවස්ථාවට විෂන් කෙයා කාර්ය මණ්ඩලය සහ විෂන් කෙයා ඇකඩමියේ සිසුන් 200 ක් පමණ සහභාගී වූහ- මෙහිදී ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ළමා අක්ෂි රෝග විශේෂඥ වෛද්‍ය ඉරුගල්බණ්ඩාර මහත්මිය සහ ගෞරවනීය ආරාධිත අමුත්තා ලෙසින් විද්‍යා ජෝති මහාචාර්ය රොහාන් ඩබ්ලිව්- ජයසේකර සහභාගී විය. වාර්ෂිකව පවත්වනු ලබන මෙම සැසියෙහි පරමාර්ථය වන්නේ දෘෂ්ටි විද්‍යාව පිළිබඳ සිසුන්ගේ දැනුම වර්ධනය කිරීම, පර්යේෂණ අධ්‍යයන කටයුතු සඳහා කැපවීමට ඔවුන් දිරිමත් කිරීම, දෘෂ්ටි විද්‍යාව පිළිබඳ අධ්‍යාපනය, දැනුවත්භාවය සහ දැනුම හුවමාරු කර ගැනීමයි. එමෙන්ම මෙම සැසිය විෂන් කෙයා ඇකඩමියෙහි නිල උපාධි ප්‍රදානෝත්සවය වන අතර විෂන් කෙයා ඇකඩමිය හරහා පාඨමාල සාර්ථකව නිම කළ සිසුන් සඳහා සහතික පත් ප්‍රදානය කිරීම ද ඔන්ලයින් ක්‍රමයට සිදු කරන ලදී.

Comments