විවිධ ආප­දා­වන්ට ලක්වූ පවුල් 4,750 කට වර්ල්ඩ් විෂන් සවි අත්වැල | සිළුමිණ

විවිධ ආප­දා­වන්ට ලක්වූ පවුල් 4,750 කට වර්ල්ඩ් විෂන් සවි අත්වැල

විවිධ ආපදාවන්ට ගොදුරු වූ ගම්පහ දිස්ත්‍රික්කයේ වත්තල සහ ජා-ඇල ප්‍රදේශවල පවුල් 4,750 කට රුපියල් මිලියන 14 ක් වටිනා වියළි සලාක ලබා දීමට වර්ල්ඩ් විෂන් ලංකා ආයතනය ඉදිරිපත් විය. ළමුන් 8,000කට ආසන්න සංඛ්‍යාවක් සිටින මෙම පවුල් අතරින් 675 ක් කාන්තා මූලික පවුල් වේ.

කොවිඩ් ව්‍යාප්තියෙහි වැඩි අවදානමක් ඇති ජා-ඇල සහ වත්තල ප්‍රදේශවලට පසුගිය කාලයේ ඇද හැලුණු තද මෝසම් වැසි හේතුවෙන් දරුණු ගංවතුර තත්ත්වයක් ද ඇති විය. අයහපත් කාලගුණය හේතුවෙන් පවුල් 20,500 කට අධික සංඛ්‍යාවක් අවතැන්වූ බව ගම්පහ දිස්ත්‍රික් වාර්තා අතර සඳහන් වී ඇත.

එසේම වෙරළ තීරයට ආසන්නව ජීවත් වන ධීවර කර්මාන්තය ජීවිකාව කර ගත් පවුල් රැසකට එක්ස්-ප්‍රස් පර්ල් නැව් අනතුරෙහි බලපෑම හේතුවෙන් ජීවනෝපාය ද අහිමි වී තිබේ.

“අපිට දෙමවුපියො කතා කරල ඉල්ලීම් කරනවා, දවස් දෙකක් දරුවන්ට කන්න දෙන්න බැරිවුණා, උදවු කරන්න කියලා. නමුත් මෙතරම් විශාල පිරිසකට කඩිනමින් සහන සැපයීම එතරම් පහසු දෙයක් නොවෙයි, ඔවුන් වඩාත් අසරණ වී සිටින මේ මොහොතේ මේ උපකාරය ඔවුන්ට විශාල අස්වැසිල්ලක් වෙයි.” භාණ්ඩ භාරදීමේදී වත්තල ප්‍රාදේශීය ලේකම් පී.ඩී.ටී.සී. රාජිකා එසේ පැවසීය.

“මෙහි ජීවත් වන්නේ ඉතා ඉක්මනින් විවිධ ආපදාවන්ට ගොදුරු වීමේ වැඩි අවදානමක් ඇති ප්‍රජාවක්. මෙවර ඔවුන් පත්ව ඇති තත්වය රජයට ප්‍රතිචාර දැක්විය හැකි තත්වයටත් වඩා එහා ගොස් ඇති බව පෙනෙනවා. වත්තල පමණක් පවුල් 13,000 කට අධික සංඛ්‍යාවක්.

Comments