ඩය­ලොග් 5G බල­ගැ­න්වුණු vivo V21 ජංගම දුර­ක­ත­නය හඳු­න්වා­ දෙයි | සිළුමිණ

ඩය­ලොග් 5G බල­ගැ­න්වුණු vivo V21 ජංගම දුර­ක­ත­නය හඳු­න්වා­ දෙයි

ලංකාවේ ප්‍රමුඛතම සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසියාටා පීඑල්සී සමාගම, නිරන්තරයෙන් වෙනස් වන සිය කාර්යබහුල පාරිභෝගිකයන්ගේ අවශ්‍යතාවයන්ට ගැළපෙන පරිදි 5G තාක්ෂණයෙන් බලගැන්වුණු දෘශ්‍යමය සෙල්ෆි කැමරාවකින් සමන්විත, පළමු ස්මාට් ජංගම දුරකථනය වන නවතම ‘vivo V21’ හඳුන්වාදීමට කටයුතු කර ඇත.

ලංකාවේ ප්‍රමුඛතම සන්නිවේදන සම්පාදකයා සහ vivo සමාගමේ හවුල්කාරීත්වයෙන් හඳුන්වාදෙනු ලැබූ 5Gvivo V21 ස්මාට් ජංගම දුරකථනය හරහා ඩයලොග් විසින් බලගන්වන දකුණු ආසියාවේ ප්‍රථම 5G පර්යේෂණ සම්ප්‍රේෂණ ජාලය අත්විඳීමේ අවස්ථාවද මෙහිදී පාරිභෝගිකයන්ට හිමිවේ. වෙළඳපොළේ ඇති වඩාත් සිහින්ම 5G දුරකථනය වන මෙම vivo V21 ස්මාර්ට් ජංගම දුරකථනය, මිලිමීටර 7.29ක ඝනකමින් යුතුවන අතර, සිහින් ජංගම දුරකථනයක් භාවිත කිරීමට කැමති ඕනෑම පාරිභෝගිකයෙකුගේ අවශ්‍යතාවයන්ට ගැළපෙන සියලු පහසුකම්වලින් සමන්විත වේ. vivo V21 ස්මාට් ජංගම දුරකථනය සතු ප්‍රධානතම විශේෂාංග අතරට RAM sharing පහසුකම, අඟල් 6.44 Display එක හා 4000mAh බැටරි ධාරිතාව සමඟ ලොව පළමු 44MP OIS (දෘශ්‍ය රූප ස්ථායිකරණ) සෙල්ෆි කැමරාව අයත් වේ.

Comments