ජාතික ඉති­රි­කි­රීමේ බැංකුවේ අඛණ්ඩ ලාභය 2020 දී ඉතිහාසයේ ඉහ­ළම අග­යට | සිළුමිණ

ජාතික ඉති­රි­කි­රීමේ බැංකුවේ අඛණ්ඩ ලාභය 2020 දී ඉතිහාසයේ ඉහ­ළම අග­යට

ජාතික ඉතිරිකිරීමේ බැංකුව ගෙවුණු වසර 50 කට ආසන්න කාල සීමාව මුළුල්ලේ ළඟාකරගත් විශිෂ්ට හා අඛණ්ඩ කාර්යසාධනයක් හා ලාභදායීතාවයක් සමඟින් මෙරට ශක්තිමත්ම හා සුරක්ෂිතම මූල්‍ය ආයතනයක් බවට පත්ව තිබේ. ශාඛා බැංකුකරණය, ආයතනික බැංකුකරණය, විදේශ ප්‍රේෂණ, විදේශ මුදල් මෙහෙයුම්, භාණ්ඩාගාර මෙහෙයුම්, වෙළඳ මූල්‍ය ආදිය අපගේ ප්‍රධාන ව්‍යාපාරික ක්ෂේත්‍ර වේ. මෙරට සමාජයේ සියලු සමාජ කණ්ඩායම් වෙත නොවෙනස්ව බැංකු සේවා සපයන බැංකුව ලෙස 2021 පළමු කාර්තුවේ අවසානය වන විට බැංකුව සතුව ඇති මිලියන 21-5 ක ගිණුම් සාක්ෂි දරයි.

මෙරට ආර්ථික ක්‍රියාකාරකම් කොවිඩ්-19 හි බලපෑමට ලක්වූ පසුබිමක 2019 වසරේදී සටහන්වූ රුපියල් බිලියන 10.5 ක අගයට සාපේක්ෂව 49.5% ක වර්ධනයක් සමඟ රුපියල් බිලියන 15.6 ක බදු පෙර ලාභයක්ද පෙර වර්ෂයේ සටහන්වූ රුපියල් බිලියන 6.4 ක අගයට සාපේක්ෂව 58.4% ක වර්ධනයක් සමඟින් රුපියල් බිලියන 10.1 ක බදු පසු ලාභයක්ද වාර්තා විය. මෙම අගය සටහන් වන්නේ ශ්‍රී ලංකා මහ බැංකුවේ නිර්දේශය මත ගිවිසගත් ණය පොලී අනුපාතය 7% ක් දක්වා පහළ දැමීම හේතුවෙන් පොලී ආදායම ආශ්‍රිතව වාර්තාවූ රුපියල් බිලියන 2-2 ක පාඩුව ගැළපීමෙන් පසුව වේ. එසේම, එම නිර්දේශයට අනුකූලව එම 7% ක පොලී අනුපාතය මත ලැබිය යුතු පොලිය ගෙවීම ණය කාල සීමාව අවසානය තෙක් ප්‍රමාද කිරීමටද ජාතික ඉතිරිකිරීමේ බැංකුව විසින් කටයුතු කරන ලදී.

පසුගිය වසරේ අදාළ කාල සීමාව තුළදී වාර්තා කරන ලද රුපියල් බිලියන 5-2 ක අගයට සාපේක්ෂව 142-6% ක වර්ධනයක් සමඟින් රුපියල් බිලියන 12-6 ක බදු පෙර ලාභයක් වාර්තා කිරීමට 2021 වසරේ පළමු මාස පහ තුළදී බැංකුව සමත් විය- බදු, විශේෂ ගාස්තු, ලාභාංශ සහ ජාතික රක්ෂණ භාර අරමුදල වෙත සිදු කෙරෙන දායකත්වය ලෙස ජාතික සංවර්ධනය උදෙසාබැංකුව අඛණ්ඩව දායකත්වය දක්වන අතර 2020 වර්ෂයේ හා 2021 වසරේ පළමු මාස පහ තුළ බැංකුව රජය වෙත දැක්වූ දායකත්වය පිළිවෙළින් රුපියල් බිලියන 10-7 ක් හා රුපියල් බිලියන 6-9 ක් වේ.

රජය විසින් ක්‍රියාවට නංවන ලද ආර්ථික උත්තේජන මුලපිරීම් මධ්‍යයේ වුවද ගනුදෙනුකරුවන්ගේ ණය ආපසු ගෙවීමේ හැකියාව කෙරෙහි කොවිඩ්-19 අහිතකර බලපෑම් ඇති කිරීමේ ප්‍රතිඵලයක් ලෙස 2020 වසර අවසානයට බැංකුවේ දළ අක්‍රිය ණය අනුපාතිකය 122 ඉචි ක වර්ධනයක් සමඟින් 2.79% ක් ලෙස සටහන් විය. කෙසේවුවත්, 4.93% ක්වූ ක්ෂේත්‍රයේ සාමාන්‍යයට සාපේක්ෂව 2020 වර්ෂයේ අවසානයට ක්ෂේත්‍රයේ අවම අක්‍රිය ණය අනුපාතිකයක් වාර්තා කරමින් බැංකුවේ ණය ගුණාත්මකභාවය ස්ථාවරව පවත්වා ගැනීමට බැංකුවට හැකි විය. 2021 මැයි මස අවසානයට බැංකුවේ දළ අක්‍රිය ණය අනුපාතිකය 2-8% ක් ලෙස පැවතිණ.

බැංකුවේ ශාඛා ජාලය ශාඛා 260 ක් දක්වා ඉහළ නංවන ලද අතර ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර 290 ක් හා මුදල් තැන්පතු යන්ත්‍ර 75 කින් එය තවදුරටත් ශක්තිමත් විය.

එසේම, ගනුදෙනුකරුවන්ට සිය දෛනික බැංකු කටයුතු සුරක්ෂිතව හා කාර්යක්ෂමව ඉටු කරගැනීමට අවස්ථාව සලසමින් බැංකුව විසින් මෑතකදී ජංගම ගෙවීම් පද්ධතියක් හඳුන්වාදෙන ලදී.

ජාතික ඉතිරිකිරීමේ බැංකුව 2022 වසරේ මාර්තු 16 වන දින සිය 50 වන සංවත්සරය සැමරීමට සූදානම් වන අතර එදාමෙදාතුර බැංකුව ලබාගත් විශිෂ්ට කාර්යසාධනය හා අනෙකුත් සියළු ජයග්‍රහණ යථාර්ථවත් කළ ගනුදෙනුකරුවන්ට හා අනෙකුත් සියලුම පාර්ශ්වකරුවන්ට බැංකුව ප්‍රණාමය පුද කර සිටියි.

 

 

ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ සභාපතිනි
කේශිලා ජයවර්ධන

Comments