ළමා රෝහ­ලට පැමිණි 600කට කොවිඩ් | Page 2 | සිළුමිණ

ළමා රෝහ­ලට පැමිණි 600කට කොවිඩ්

රිජ්වේ ආර්යා ළමා රෝහලට ඇතුළත් කළ 600 දෙනකුට අධික සංඛ්‍යාවකට මේ වන විට කොවිඩ් 19 ආසාදිත වී ඇති බව රිජ්වේ ළමා රෝහලේ අධ්‍යක්ෂ ගරුසිංහ විජේසූරිය පැවසීය. ඒ අතර දරුවන් 490ක් හා මාපියන් හා භාරකරුවන් 100කට අධික සංඛ්‍යාවක් වන බවද අධ්‍යක්ෂවරයා කීය.රෝහලට ඇතුළත් කළ දරුවන්ගෙන් 10 දෙනකු කොවිඩ් 19 රෝගයෙන් මේ වන විටත් මියගොස් ඇතැයි පෙන්වා දුන් අධ්‍යක්ෂවරයා පැවසුවේ මේ සියලු දෙනාට රෝගය වැලඳී ඇත්තේ රෝහලෙන් නොවන බවයි.

Comments