මහා­චාර්ය විමල් ජී. බල­ගල්ලේ දැයෙන් සමුගනී | සිළුමිණ

මහා­චාර්ය විමල් ජී. බල­ගල්ලේ දැයෙන් සමුගනී

සිංහල, පාලි, ප්‍රාකෘත, සංස්කෘත, වංග ආදි ප්‍රාචීන භාෂා සාහිත්‍යයන් පිළිබඳවත්, විශේෂයෙන් වාග්විද්‍යා විෂය පිළිබඳවත් අග්‍රගණ්‍ය පඬිවරයකු වශයෙන් විද්වත් ලෝකයෙහි සම්භාවනාවට පාත්‍ර වී සිටි මහාචාර්ය විමල් ගුණසේකර බලගල්ලේ ජූලි 16 සිකුරාදා අභාවප්‍රාප්ත විය.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය 1959 පෙබරවාරි 19 වන දින නිල වශයෙන් ආරම්භ වූ අවස්ථාවේ පටන් ඊට සම්බන්ධ වී පළමුව එහි විභාග කටයුතු භාර සහාය ලේඛකාධිකාරි සහ සිංහල පිළිබඳ කථිකාචාර්ය යන ද්විත්ව තනතුරු දරණු ලැබූ මහාචාර්ය බලගල්ලේ පසුව භාෂා පීඨාධිපති, ශාස්ත්‍ර පීඨාධිපති, මණ්ඩපාධිපති, වැඩ බලන උප කුලපති යන තනතුරුද දරමින් දෙතිස් වසරක් තරම් දිගු කලක් මුළුල්ලේ විශ්වවිද්‍යාලයේ සැම අංශයක ම අභිවර්ධනය උදෙසා ඉමහත් කැපවීමක් කළේය. වසර 1990 සැප්තැම්බර් 30 වනදා විශ්‍රාම ලත් මහාචාර්ය බලගල්ලේ 1924 නොවැම්බර් මස 24 දා උපන් අතර මියයන විට 96 හැවිරිදිය. දෙදරු පියකු වූ ඔහුගේ දරුවන් වරුණ සහ සුමිත්‍රා වන අතර බිරිය සීලවතී බලගල්ලේය.

Comments