දැරි­යගේ මර­ණය අබි­ර­හ­සක් ද? | සිළුමිණ

දැරි­යගේ මර­ණය අබි­ර­හ­සක් ද?

සුගිය බ්‍රහස්පතින්දා (15) පිළිස්සීම නිසා කොළඹ ජාතික රෝහලේදී මියගිය වයස අවුරුදු 16යි මාස 8ක් පමණ වන දැරිය පිළිබඳව බොරැල්ල පොලිසිය සිදුකළ විමර්ශනවලට අමතරව පොලිස් ළමා හා කාන්තා කාර්යාංශයද විමර්ශනයක් සිදුකරන බව පොලිස් මූලස්ථානයෙන් වාර්තා වේ. මෙම දැරිය ජූලි 03 වැනිදා පිළිස්සෙන විට මෙහෙකාර සේවයේ යෙදි සිටියේ හිටපු අමාත්‍ය රිෂාඩ් බදුර්දීන්ගේ කොළඹ 07, බෞද්ධාලෝක මාවත නිවෙසේය. හැටන් ප්‍රදේශයේ දැරියක් වන ඇය මීට මාස නවයකට පමණ පෙරදී මෙහෙකාර සේවයට ගෙන්වාගෙන ඇත්තෙ වයස අවුරුදු 16ට අඩු බාල වයස්කාරියක්ව සිටියදී බව කියති.

Comments