අගෝ­ස්තුවේ පාසල් විවෘ­තයි | Page 2 | සිළුමිණ

අගෝ­ස්තුවේ පාසල් විවෘ­තයි

ලංකාවේ සිටින 242,000ක් පමණ වන සමස්ත ගුරුවරු ප්‍රමාණයෙන් සැලකිය යුතු ප්‍රතිශතයකට මේ වන විට එන්නත් ලබා දී ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.අධ්‍යාපන අමාත්‍යාංශය පවසන පරිදි පසුගිය සතිය මැද වන විට බස්නාහිර පළාතේ ගුරුවරුන් 86%කට කොවිඩ් පළමු එන්නත ලබා දී අවසන්ව ඇත.

ගෙවුණු සතිය මැද වන විට කොළඹ දිස්ත්‍රික්කය 97%ක්, ගම්පහ 81%ක් සහ කළුතර 82% ගුරුවරු එන්නත්කරණයට ලක්කර ඇත. මීට අමතරව බදුල්ල 90%ක් ඇතුළුව ඌව පළාතේ 60%ක් ද, උතුරු පළාත 47%ක් ද, එයින් මුලතිව් 67%ක්, යාපනය 64%ක්, ‍කිලිනොච්චි 64%ක් ද වශයෙන් පාසල් ගුරුවරුන්ගේ එන්නත්කරණය සම්පූර්ණ කර ඇත. පසුගිය සතියේදී එන්නත්කරණ කටයුතු මධ්‍යම, නැගෙනහිර, දකුණ, වයඹ, සහ උතුරු මැද පළාත්වලද ආරම්භ වී ඇත. ඒ අනුව ගෙවුණු සතිය මැද වන විට ඉහත පළාත් පිළිවෙළින් 18%ක්, 17%ක්, 15%ක්, 15%ක් හා 9%ක් සම්පූර්ණ කර ඇත.

අධ්‍යාපන අමාත්‍යාංශය පවසන පරිදි දිවයිනේ සියලු ම පාසල් ගුරුවරුන් එන්නත්කරණයට ලක් කරන අතර එම වැඩසටහන දින 10කින් අවසන් කිරීමට නියමිතය. දෙවැනි මාත්‍රාවත් සති හතරකින් ලබා දීමට නියමිත අතර අධ්‍යාපන අමාත්‍යාංශය පවසන්නේ සෞඛ්‍ය කොන්දේසි වලට යටත්ව අගෝස්තු මාසය වන විට හැකිතාක් ඉක්මනින් පියවරෙන් පියවර පාසල් ආරම්භ කිරිමට කටයුතු යොදන බවයි.

 

Comments