ඇය ය මෙවර ළාබාලම ඔලිම්පික් නියෝජනය | සිළුමිණ

ඇය ය මෙවර ළාබාලම ඔලිම්පික් නියෝජනය

 

ඔලිම්පික් නියෝජනයක් හිමිකරගැනීම යනු ක්‍රීඩා ජීවිතය තුළ යම් ක්‍රීඩකයකු හෝ ලබාගන්නා අතිවිශිෂ්ට ජයග්‍රහණයකි. එය එසේ වන්නේ ලොව සංවිධානය කරනු ලබන විශ්වීය ක්‍රීඩා සැණකෙළිය නියෝජනය කරන්නට සෑම සියලු දෙනාටම අවස්ථාවක් නොලැබෙන හෙයිනි. මේ ටෝකියෝ ඔලිම්පික් උළෙලේ එවන් ගෞරවණීය හිමිකම් ලැබූ ක්‍රීඩිකාවක පිළිබඳ ය.

ඇයට දහතුනයි. ඉන්නේ බ්‍රිතාන්‍යයේ. ඒත් ඇය ටෝකියෝ ඔලිම්පික් උළෙලට සුදුසුකම් සපුරනවිට ඇගේ වයස යන්තමින් අවුරුදු 12 ක් පමණයි.

හිම මත පුවරුවක් උඩ ලිස්සා යන ක්‍රීඩාවක් සේ සැලකෙන 'skateboard' ක්‍රීඩාව වෙනුවෙන් තමයි ඈ මහා බ්‍රිතාන්‍ය නියෝජනය කරමින් මෙවර ඔලිම්පික් උළෙලට සහභාගි වන්නේ.

මේ ක්‍රීඩිකාව අපූරු සම්භවයක් සහිත යැයි කිවයුත්තේ ඇගේ මව ජපාන ජාතික කාන්තාවක් වද්දී පියා බ්‍රිතාන්‍ය ජාතිකයකු වන නිසයි.

ඇ ස්කයි බ්‍රවුන් යන නම දරණ අතර ඔලිම්පික් සුදුසුකම් ලැබීම පිළිබඳ පවසන්නේ 'සිහිනයක් සැබෑ වුණාට වඩා වැඩි දෙයක් එතැන තිබෙනවා.' කියායි.

'මගේ අවශ්‍යතාවය රන් පදක්කමක්. එය දිනාගෙන මිනිසුන්ට සුවිශාල බලපෑමක් ඇතිකරන්න මම කැමතියි.' ඈ කියනවා. වයසින් පොඩි වුණාට සිතිවිලි වලින් යෝධ බලැති සවිවන්තියක් වන ඇය අවුරුදු දහතුනේ දි කරන ප්‍රකාශය කිසිසේත්ම ප්‍රතික්ෂේප කරන්න බෑ.

ස්කයි බ්‍රවුන් ඔලිම්පික් තරගාවලියේ ඉසව්වට තරග වදින අවස්ථාව වනවිට ඇගේ වයස අවුරුදු 13 ක් හා දින 11 ක්. එමගින් ඈ බිඳ දමන්නේ 1928 ඇමස්ටර්ඩෑම් හි දී අවුරුදු 13 දින 44 ක් වද්දී ඔලිම්පික් තරගාවලියකට ක්‍රීඩා කළ මැග්‍රෙ හින්ටන ගේ අඩු වයස් වාර්තාව යි.

'ඒක හරිම උමතු හැඟීමක් ඇති කරනවා.' බ්‍රවුන් තමන්ගේ කැලිෆෝර්නියාවේ පිහිටි නිවසේ සිටිමින් අදහස් දක්වා තිබුණා. සත්කින්ම ඇය විශ්වීය ක්‍රීඩිකාවක් වන්නේ ඒ් නිසයි.

අපි එහෙම කියන්නේ 'ඔළුව ජපන්, කඳ ජර්මන්, කකුල් ඉතාලි' ජාතියේ ජීවිතයක් ඇය සතුවන නිසයි. අපි මීට පෙර කීවා මෙන් ඇගේ පියා බ්‍රිතාන්‍ය, මව ජපන්, ඉන්නේ අමෙරිකාවේ කැලිෆෝනියාවේ. නියෝජනය කරන්නේ මහා බ්‍රිතාන්‍ය ය.

'මම ඉස්සෙල්ලා කිව්වා වගේ මා තුළ යම් උමතු බවක් ඇතිකරනවා. මා තුළ අධික ජවයක් නිර්මාණය කරන්න මෙම සිදුවීම ඉවහල්ව තිබෙනවා. මම උත්සහ කරන්නේ කෙසේ හෝ බ්‍රිතාන්‍ය වෙනුවෙන් උපරිම දක්ෂතාවය දක්වන්නයි.' ඈ වැඩිදුරටත් පවසනවා.

ඈ දැනට ලෝක ශ්‍රේණිගත කිරීම්හි තෙවැනි ස්ථානයේ පසුවන්නේ. 2019 වසරේ ලෝක ශූරතා තරගාවලියේදී ඇයට ලෝකඩ පදක්කමක් දිනාගන්න හැකියාව හිමිවුණා. එතකොට ඇගේ වයස අවුරුදු 11 යි.

' ඔබ හිම මත ලිස්සා යන ක්‍රීඩාංගණයකට ගියාම එතැන වැඩිපුරම ඉන්නේ කොල්ලෝ. ඒත් මම හිතන්නේ ගැහැණු ළමයි මේ හිම මත ලිස්සීම දකිනවා නම් ඔවුන්ටත් එය කරන්න උවමනා වෙනවා නිසැකයි. මට හිතෙන්නේ ඒ වගේ.' ඈ පවසනවා.

පසුගිය වසරේ ඈ දරුණු අනතුරකට මුහුණ දී තිබෙනවා. ඇගේ පියාවන ස්ටුවර්ට් පවසන්නේ තම දියණිය ජීවත්වීමට දැඩි වාසනාවන්ත වූ බවයි. 'ඈ ඉහළ සිට වැටී දැඩි ලෙස හිස් කබලට හානි සිදුවුණා.' ඔහු පවසා තිබෙනවා.

'මට පැය 12 ත් 16 ත් අතර කාලයක් ජීවිතය සොයමින් දැඩි අවිනිශ්චිත භාවයක ඉඳලා තිෙබන්ෙන්. නමුත් කෙසේ හෝ මම ඉක්මනින් සුව භාවයට පැමිණ තිබුණා. ඒත් සුබ භාවයට පත්වුණාට පස්සේ නැවත ලෑල්ල මතට ගොඩවෙන්න මා තුළ කිසිම බියක් ගොඩනැගුණේ නෑ. සිදුවුණු එකම දේ මම තවදුරටත් ශක්තිමත් වීමත් ක්‍රීඩාව තුළ තවදුරටත් රැඳී සිටීමට මට දැඩි අවශ්‍යතාවයක් ඇතිවීමත් පමණයි.' ස්කයි බ්‍රවුන් කියන්නේ එහෙමයි.

 

 

කාන්ති ජයසිංහ

Comments