උසස් පෙළ විභාගය සහ 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය පිළිබඳ තීරණය ලබන සතියේ | සිළුමිණ

උසස් පෙළ විභාගය සහ 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය පිළිබඳ තීරණය ලබන සතියේ

අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සහ 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය පැවැත්වීම පිළිබඳ විවිධ ඉල්ලීම් මේ වනවිට ලැබෙමින් පවතින අතර පලාත් අධ්‍යාපන අධ්‍යක්ෂකවරුන් සමඟ අද (13) පවත්වන සාකච්ඡාවකින් අනතුරුව දෙමාපියන්ට, ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට, ගුරුවරුන්ට සහ සෑම පාර්ශ්වකරුවකුට ම සාධාරණයක් වන පරිදි තීන්දුවක් ලබන සතියේ අඟහරුවාදා තමන් විසින් ප්‍රකාශයට පත් කෙරෙන බව ද අමාත්‍යවරයා පැවසී ය.
 
එමෙන් ම ජාතික අධ්‍යාපන ආයතනය මඟින් මෙරට සියලු ම ශිෂ්‍ය ශිෂ්‍යාවන් සඳහා වන අධ්‍යාපනික රූපවාහිනී නාලිකා 16ක් ආරම්භ කිරීම ද නියමිත ය.
 
 එම නාලිකා සඳහා දිවයිනේ ජනප්‍රියත ම සහ දක්ෂත ම ගුරුවරුන් සම්බන්ධ කරගැනීමට ‍අපේක්ෂිත බව අධ්‍යාපන අමාත්‍යාංශ නිවේදනය කරයි
 
එම ගුරුවරුන්ගේ සේවය එක පාසලකට සීමා නොකර සමස්ත දිවයිනේ ම දූ දරුවන් වෙත ලබාදීමට වැඩසටහන් සකස් කෙරෙමින් පවතින බවත් මේ වනවිට ඒවායෙහි අන්තර්ගතය සැකසීමේ ක්‍රියාදාමය සිදුවෙමින් පවතින අතර ගුරුගෙදර වැඩසටහන සාර්ථක ව ක්‍රියාත්මක වන බව ද අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත
 
රට තුළ වසංගත තත්ත්වයක් පවතිද්දී සහ කැබිනට් පත්‍රිකාවක් සැකසීමට අදාළ වෘත්තීය සමිති සමඟ සාකච්ඡා කිරීමට නියමිත ව තිබිය දී පවා දීර්ඝ කාලයක් තිස්සේ පැවති ගුරු වැටුප් විෂමතා සම්බන්ධ ව වෘත්තීය ක්‍රියාමාර්ගයන්ට අවතීර්ණ වීම කිසිසේත් ම යෝග්‍ය තීරණයක් ලෙස සැලකිය නොහැකි බව ද අධ්‍යාපන ඇමති ප්‍රකාශ කළේය

Comments