කවි සිළුමිණ | සිළුමිණ

කවි සිළුමිණ

බලා­පො­රො­ත්තුව

'තිස්ස' යැයි මුදු හඬක්
අබි­බවා රජ අණක්
පහ­දලා දුනි බණක්
සන­සවා මුළු දෙසක්

නිවුණු සන්සුන් ගතක්
කුලුණු ගුණ පිරි හිතක්
අරිය සඟ පර­පු­රක්
මඟක ගෙන ගිය දැයක්

රටට බත් දුන් කෙතක්
සයුර පර­දන වැවක්
වඳි­න්නට සෑ රජෙක්
තිබුණු පින්වත් ගමක්

ගත­වුණා කාල­යක්
මග­හැ­රුණි දේ හුඟක්
මතුව ආ වැදි බණක්
ඇඬෙව්වා කණ­කො­කෙක්

මොනරු රජ­වෙන රටක්
මැකුණු මිනි­සත් කමක්
ඇත්තෙ ගිනි­ගත් මඟක්
හැරෙ­න්නට නැහැ ඉඩක්

නැඟෙයි පුර පෝ හඳක්
විහි­ද­වයි රැස් කඳක්
ඇත්ත­ටම බුදු බණක්
ඇසු­නො­තින් පෙර පිනක්.....

මනෝරි ගමගේ

************

සමනා මයං මහා­රාජ...

දුනු හී මාන­ගෙන පාමින් මරුගෙ රඟ
රජු පොව්ව­කුගෙ පසු පස එළ­වද්දි මිග
අනු­බුදු මහිමි අඹ­තල ගල මතට නැග
රජ සම්දිටු කළේ දෙසු බණ නොවන දිග

“දම් රජි­ඳුගෙ සව්වො අපි වෙමු අද ඔබට
අනු­ක­ම්පා­වෙන් ම වැඩි යෙමු” මෙම බිමට
අඹ පැන විස­ඳ­මින් තැති‍ගෙන සිටි රජුට
සුළු ඇත් පදින් දම්රස බෙදු නිසි මඟට

වැඩ සිට මිහි­ඳු­ලෙන තුළෙ­හිම මිහි­න්තලේ
දිව­යි­න­ටම බෙදා සිරි­ගෙන දහම් බලේ
යහ­මඟ යැවූ හැම කෙනෙ­කුම මිනි­ස්කුලේ
මෙව­රත් පොසොන් සඳ පායයි නිස­න්සලේ

පැති­රෙන වයි­ර­සය ගිය වස­රෙ­හිදි වගේ
අඩු­වක් නොමැත හැප්පෙති හැම දනගෙ ඇ‍ඟේ
සංච­ර­ණෙට යෑම යාමකි මරුගෙ ම‍ඟේ
එනිසා රැඳී නිව­සෙම හිමි කරමු අගේ

දුරු වී කොරෝනා උව­දුරු වසං­ගත
සිත්මල් පිපේවා ලොකු පොඩි දනන් වත
අ‍රහත් හිමි සඳුනි! මෙහි වැඩු සසුන් කෙත
කර­නෙමු සපත නොය­වමු ලෙඩ අතින් අත

දිය­තෙම කො‍රෝනා රෝ බිය දුරු­වේවා
සෑම ජන කොට­ස­කම ගත සිත සැන­සේවා
ලෙඩ දුක් දුබික් පැති­රෙන බය පහ­වේවා
ලොවෙ­හිම සතුට සුව සම්පත රජ­වේවා!

තෙප්ප­නාවේ ගුණ­ව­ර්ධන

************

පොසොන් සිහි­නය

පොසොන් සඳක් නැ‍ඟේ ගුවන් තලේ
දැකුම් කලුයි උදුල් පහන් සැලේ
අමා ගඟක් ගලයි නිසං­සලේ
බණක් ඇසේ අදත් මිහි­න්තලේ

මහ­ක­න්දරා වැව් තල පිස එන සුළ­ඟයි
මහ මෙවුනා මහ සෑ ඈතින් බැබ­ළෙයි
සඳ රැස් කැළුම් නැළ­වෙන කළු­දිය පොකු­ණයි
රහ­තුන් නිවෙස්නා වූ පින් බිම මෙත­නයි

මිහිඳු ගුහා මහ රහ­තුන් වැඩ­හිටි ලෙන්ගල
පසෙක පෙනේ ඉහළ නැගුණ ආරා­ධනා ගල
කුරුලු ගීත සැලෙන ළපලු ඇහැළ පිපෙන කල
අරන සුවය සුවඳ ගෙනේ සුදු අර­ලිය මල

සුනිල් සරත් පෙරේරා

************

දඹ­දිව සිට...

බුදු සසු­නට පැහැ­ඳුණු ඒ
අශෝක අධි­රාජ්‍ය වරයා
කුසල් එකතු කර ගත්තේ
විහාර දාගැබ් කරවා..

ලෙයින් උපන් තම දූ පුතු
සසු­නට පුජා කෙරුවා
ධර්ම දූත පිරිස් සමඟ
ධර්මය ලොව පැති­රෙ­වුවා

ධර්ම විජය වැඩ පිළි­වෙළ
ලක් දෙර­ණම බැබළෙවුවා
දෙවන තිස්ස පෑ නිරිඳුන්
මිහි­න්තලා වට අවා

දඩ­කෙ­ළි­යෙහි නිරත වෙනා
තිස්ස නුවැ­ණැ­සින් දුටුවා
පිං ඇති ඒ තිස්ස රජුන්
බෙරා ගන්නට හිතුවා

උතුම් පොසොන් පුන් පෝදා
මිහිදු තෙරුන් එහි අවා
මිහින් තලා ගල මුඳුනේ
සමි­ඳුන් පෙළ­හැර පෑවා

තිස්ස තිස්ස නම කිය­මින්
දඬ­යම් මඟ හැර දැමුවා
මගේ දඬ­යම හැර දැමු ඔබ
කවු­රුන් දැයි විම­සූවා..

පිංවත් ගුණ ඇති ඔබ ගැන
නුව­ණින් එහි සිට දුටුවා
ඔබ ගැන අනු­කම්පා කරලා
දඹ­දිව සිට මෙහි අවා..

මාලනි විජේ­සිංහ

 

************

සතුට මායා­වකි

විඳි­මින් අපා දුක හැම සුසු­ම­කම ලන
දකි­මින් සසර දුක භව­යෙන් භවය පැන
දුක­කින් ලැබුව මනු දිවි­යක අරුත මැන
විග­සින් මුණිඳු සිරි පා වැඳ නමමි දණ

රැඳෙ­මින් තව තවත් පාපය පුරන තැන
සතො­සින් දිවි ගෙවුම මායා­වකි ය මන
සැබ­වින් විරිය කර වටහා දහම් මිණ
මුනි­ඳුන් දෙසූ අරි අට මඟ ගනිමි දැන

පෙර පින් බෙලෙන් ලද පස් කඳු මිනිස්                        පණ
කෙළෙ­සුන් කෙරෙන් තොර වෙමි අදි­ට­නට                 ගෙන
මුණි­ඳුන් දෙසූ දම් කඳ නුව­ණැ­සින්                             දැන
සස­රෙන් එතෙර වෙමි දැහැ­නක තබා                         මන

අජන්ත සෙනෙ­වි­රත්න

************

 

ආලෝ­කය

බලන් මහ­රජ මහ­න්සිය හැර
ඔබේ ඊතල තුඩේ එළි­යෙන්
දුවන මුව රජ තියුණු ඇස් දෙස
තියෙන නොසැ­ලෙන ගුණය ඔහු ළඟ...

තමන් රැළ බිලි නොදී සතු­රට
ඔවු­න්ගෙත් පණ ඔබෙන් රැක­ගෙන
ඈත දිව­යන ඒ අපූ­රුව
නිසල මිස්සක පව්ව අස­බඩ...

ඔහුට සුපු­රුදු කැලේ වග­තුග
අවුල් වී ඇත තිස්ස නිරි­ඳුනි
අහිං­ස­ක­යන් විඳින හිරි­හැර
රටේ කිරු­ළට තරම් වේවිද...

මාළි­ගයෙ රස මස­වු­ළින් පිරි
බතට කුමට ද සතුන් ගේ මස්
නැසී­මක් පර පණක් කෙළි­යට
සුදුසු වේවි ද රටක රජෙ­කුට

පොසොන් සඳ හිනැ­හේය සොඳු­රුව
අඹ වනය ඉහ­ළින්ම නුබ ගැබ
අඳුර පලවා හරිමි සඳ­හට
ඔහොම නව­තිනු මැනවි මහ­රජ

ශ්‍යාම කුමාර මුණ­සිංහ

************

දහම් උදාව

උතුම් සම්බුදු රැසින් විහි­දුන
එදා අඹ තල පව්ව නැහැ­වින
විරා­ගික බුදු බණෙන් සැන­සුන
කැලෑ මල්වල සුවඳ පැති­රින

කෙලෙස් දුරු වී නැණ පහළ වින
නිරා­මිස වූ සුවය සද­මින
ගමින් ගම කහ­ව­තින් බැබ­ළින
දහම් එළි­යෙන් එකලු කර­මින

කලා සොළො­සක රසින් ඇලළින
පැනැස ආන­න්ද­යෙන් ඇර­ඹින
සොඳුරු සඳ­කඩ පහණ පිය­මැන
සැදැහැ සිත් පුද බිමට පිවි­සින

සුදෝ සුදු­වන් සෑය වැඳ ගෙන
හමන පව­නින් අසා බුදු බණ
සුනිල වැව් දිය තලේ සුපි­පුණ
නෙළුම් මල් හිස නැමී බැති­යෙන

ගොයුම් ගොත් හිමි වැනූ මඟ ගෙන
ඔටුනු සක්විති හිස නොළා­ගෙන
උතුම් අනු­බුදු සමිඳු සැතැ­පින
සොබා දහ­මින් මැවුණු ගල් ලෙන

මෙදා “ඩිජි­ටල්” ලොවට පිවි­සුන
සහස් සුව­හස් දනන් අත­රින
දහම ගෙන නිවි නිවී සැන­සෙන
අයෙක් සොය­මිනි සුළඟ වැල­පෙන

මහා­චාර්ය ජගත් ප්‍රේම­චන්ද්‍ර

************

හිස්ම හිස් ඔළු­ව­ලට

ලේ නහර මස් රැගෙන
මිස්ස­කට වැඩම කළ
මිහිදු අනු­බුදු හිමිට
හද­වතේ කැකෑ­රෙන හැඟුම්
කඳු­ළින් දොවා ලිය­නවා
සාවුන් මුවන් වැරෙන්
ලුහු­බ­ඳින තිස්සලා
හිමි­යනේ අදත් වන වදි­නවා
හුර­ත­ලට ඇති­ක­රනු
පිණිස ඇල්ලූ උනුත්
මැඳු­රු­වල තණ කොළම බුදි­නවා

වන­ස්පති වන වදුළු
මොන­රුන්ට බිලි වෙද්දි
අහස් හිමි­යන් රහස් රකි­නවා
ඒ අඩුව පුර­වන්න
දිරූ පැතු­මන් මතින්
පෙති අහිමි බිම් මලුත් පිපෙ­නවා

එදා ඔබ තිස්ස­ගෙන්
ඇසූ ඒ පැන­ව­ලට
එකම පිළි­තු­රක් මට තියෙ­නවා
අපට ඒ අඹ ගහෙන්
තොර වු වෙන අඹ ගසක්
පෙනෙන දුර නොමැති බව හැඟෙ­නවා
.
තුෂාරි දිලක්ෂි වීර­සිංහ

************

 

දම් දීපය

උතුම් දම් පඬුර
බුදු හිමි වෙතින් ගෙන
කසා­ව­තින් එය සුරැ­කිව
දරා ගෙන
අම්බ­ස්තල බිමට
පෑයූ පොසොන් සඳ
මිහිඳු මහ රහත් හිමි
අපි වඳිමු සැම

ලොවේ උතුම්
මේ සිරි­ලක් මුතු ඇටය
දම් පහ­ණින්
කල­එළි වු උතුම් දින
මිස­දිටු දහම් හැම
සුළඟේ ගිය වැනිය

මිහි­න්ත­ලාවේ
පිං බර පෝ දින
අභය ලබා දී
සියලු සතුන් හට

ඉමි­හිරි දම් දෙසූ
හිමිගෙ හඬින්
මගෙ මේ පිං බිම
එළිය වුණා

වය­ලට් ප්‍රිය­ද­ර්ශනී විතා­නගේ
************

 

අඳුර දුරුවේවා

පොසොන් පුන් සදෙන් මිහි­තල නැහැ­වේවා
ලෝ වැසි සතම දම් සිසි­ලෙන් සැන­සේවා
තුන්බිය දුරින් දුරු වී සෙත සැල­සේවා
පින්බර පෝ දිනේ පැතු­මන් සුභ වේවා

අවිදු අඳුර දුරු වී සිත් එළි වේවා
මනු­සත් අතෙර මෙත් කරුණා පැති­රේවා
බෝධි­රාජ දෙසු දම් මඟ යොමු වේවා
පින්බර පෝ දිනේ පැතු­මන් සුභ වේවා

රවි­හාරි මොර­ග­හ­කු­ඹුර
 

************

මිහිඳු හිමි­යනේ

හිනැ­හෙයි සුපුන් සඳ මේ කුළු මැද රහ­සින්
සිහි­වෙයි මිහිඳු හිමි­යන් වැඩි හැටි අහ­සින්
එළි­වෙයි සිරි­ල­කම බුදු සද­හම් පහ­සින්
සුව­වෙයි තිස්ස රජු හා වැසි­යන් දහ­සින්

වැඩියේ මිහිඳු හිමි රහ­තුන් සමඟ එදා
වෙන් කර කියා දෙන්නයි හොඳ නරක බෙදා
ඇවිළී තියේ අලු­තින් ගිනි ගොඩකි මෙදා
දිවා ඇස යොමු කළොත් හිමි ඒ ගැනද හොඳා

අඳු­රුය මූස­ලය කල එළි­යක් නැත්තේ
අති­ශය භයං­කා­රය ලෝකයෙ තත්තේ
කෝවිඩ් වසං­ග­ත­යයි බැලු‍ ­බැලු‍ පැත්තේ
මුළු ලෝකෙ­ටම නිසි ඔසු­පැන් දිය යුත්තේ

රෝ බිය මරණ බිය සාගත බිය ආවේ
දඹ­දිව විශා­ලා­වෙනි ලොව ගිනි ලෑවේ
එද­වස රතන සුතු­රෙනි පෙළ­හර පෑවේ
යළි එම පිරිත දෙසු­මට කාලය මේ වේ

රත්නා ලංකා අබේ­වි­ක්‍රම

************

සුදු පියු­මන් පිපුණා

සිල් සුව­ඳකි දස අතම විහි­දෙනා
අනු­ර­පුරේ සිරි අසි­රිය දිලෙනා
දම් සුව­ඳින් මුසු කුසු­මන් සැලෙනා
ඒ දම් රස­යෙන් පිං කෙත වැඩුණා

මහ බෝ සමි­ඳුන් සෙවණේ හිඳිනා
මෙත් කරුණා ගුණ සිත් තුළ පිරුණා
ගත සිත නංවා රට දැය රැකුණා
ලක් මවු මුවගේ හස­රැලි නැගුණා

රන් වැලි සෑ කොත බුදු රැස් දිලුණා
සාධු හඬින් හද­වත් පෙළ ගැසුනා
මෙත් සිලි­ලාරේ සෙත් සිරි සැදුණා
කලා වැවේ සුදු පියු­මන් පිපුණා

සසිත් නේත්‍ර පෙරේරා

************

හිත්

හොඳ­ටෝම
තෙහෙ­ට්ටුයි
බැලූ බැලූ අත
වේද­නා­වෙන්
පිරුණු ඇස්
හෙටක් ගැන
හිත­න්නට බැරි
හැඩයි

දොරින් දොර
නගර ගම්බිම් වසා
රෝබිය
අනේ හිමි­යනේ
කමා වී මෙඅ­පට
යළි වඩින්න
උතුම් සද්ධ­ර්මය
දෙස­න්නට
නොම­ගිය මිනිස් සිත්
යළිත් දහමේ පිහි­ටු­ව­න්නට

ජගත් දම්ප­හ­ලගේ

************

යළි වඩිනු මැන

මිස්සක පව්ව උඩ වැඩ හිඳිනා අරුම
ඇත්තට තිස්ස දැක්කද මේ සුදු පියුම
විද්දට මුවෙක් හිටි­යද මහ වන අරණ
සත්තක දහම හඳු­නන මිනි­සුන් කොහෙද

අද මහ විශා­ලා­වකි මුළු ලෝක­යම
තුන්බිය පැමිණ ඇත ලෝකයේ දොර­ක­ඩට
පවසා වදා­ර­න්නට යළි තුන් සුුතුර
වැඳ වැඳ කියමි වඩි­නුව මනු­සත් ලොවට

සත් සමු­දු­රට එතෙ­රෙන් අර­ගෙන අතට
සත්කුළු මතින් වැඩ අර­ගෙන සෘර්ධි බල
දහ­මක පලා­පල අර­ගෙන මෙහි­වැ­ඩිය
අර­හත් මිහිදු හිමි­යනි යළි වඩිනු මැන

ධම්මි අනු­ර­පුර

 

************

වන්ද­නාව අහර වී

නිමිත්ත
ක්‍රි.පූ. 200 දී පමණ උත්තිය රජ සමයේ චේති­ය­ගි­රියේ වස් වාසය කර­මින් හුන් මිහිඳු මහ රහ­තන් වහන්සේ අසූ­වස් වියේදී අප­වත් වූහ.

චේති­ය­ගි­රියේ
අන­න්තයේ පිය ගැට පෙළ
ගණන් කළා දෝ
අර­ලිය පෙළ මල් පාවඩ
බිම අතු­රාදෝ.

සංසාරේ මහ පෙර­හැර වඩි­නවා
වන්ද­නාව අහ­වර බව කිය­නවා

පැන් වත්කර පූජා කළ
මහ මෙව්නා වනේ
නිල්ල උනා හිස් සොලවා
වන­ස්පතී සැලේ

රන් නගු­ලින් මායිම් කළ
මහ විහාර බිමේ
රන් දෙන මත සැත­පෙ­නවා
අනු­බුදු හිමි සඳේ

සුසන්ත ජය­නාල් පෙරේරා

************

සම­රමු

මිස්සක පවිව මත සුදු බුදු රැස් වීදූ
පෑතිස් නිරි­දුන්ගෙ නැණ ගුණ දෙක පෑදූ
සද­හමි අමා­වෙන් හෙළ­බිම කළ මෝදූ
අනු­බුදු මිහිදු හිමි­යන් නම­දිමු සාදූ

බුදු දමි දෙසා පුහු­දුන් සිත් වසඟ කළ
හිරු­ම­ඬ­ලක් විලස ලක්බිම එකලු කළ
අනු­බුදු මිහිදු රුව වැද සිඹ පා කමල
දෝතින් පුදමි මෙි සුව­ඳැති තඹුරු මල

සි. සී. තිල­ක­රත්න

 

************

උතුම් බණ පද

ගහ කොළ, ද
සතා සීපා ,රකි­න්නට
රකි­මින් රැකෙන දහම
මිස්සක පවු දෙසින්
මුදු ලෙසින් ඇසෙ­නවා

පොසොන් සඳ උදා­වක
ලෝ සතුන් නිවා­ලන
නිවි නිවී සැන­හෙන
ධර්මයේ මුදු බණ පදය
ඇසෙ­නවා අපි අස­නවා

උනුන් රකි­නට පෙහෙව
උතුම් බණ පද අස­නවා

දම­යන්ති ගල්පා­යගේ

************

අනු­බු­දු­හිමි කරු­ණා­වයි !

සුපුන් සඳ ඇවිත් අහ­සට සුපි­න්බර යි පරි­ස­රය ම
මිහි­න්ත­ලය මත වැතිරී සිසි­ල්කර යි අඹ වනය ම
මිහින් හිමි යළිදු වැඩි­යොත් ලබන මේ පොසොන් දිනට ‍ම
පවන් සලනු ඇත නැවතී ගිල­නුන් ළඟ හැම මොහොතෙ ම

අඹ පැන­යට වඩා රුදුරු පැන මැද නිති දිවි ගෙනය
සිඹ වයි­රස හුස්ම යදින අකල් හි දිවි­යට සමු­දෙන
පඹ­ගා­ලක පය පැට­ලුන හිස් මිනි­සුන් සොයා යමින
පිඹ ජීවන හුස්ම නිතින සුර­කිනු ඇත මෙඅප නිතින

අනු­බුදු හිමි මුව කම­ලත පිපි සද­හම් පැති­රේවා !
පිරි­සිදු සිති­විලි මතු වී මෙත්ගුණ සිත පිබි­දේවා !
සුසි­නිඳු වී ජීවි­තය ම මල් පාවඩ ඇති­රේවා !
සම්බුදු ගුණ බල­ම­හි­මෙන් රෝ පීඩා දුරු­වේවා !

අනුර බී. සෙනෙ­වි­රත්න

************

 
පොසොන් චින්තා!

තරිඳු නිල­ඹරේ දී පෑ සිනා­මල් පිපෙද්දී
පසිඳු බුදුනු මංපෙත් දුන් පොසොන් පුන් පොහෝදා
මිහිඳු මහ රහත් දම්සෙන් රදා­ණන් වහන්සේ
නිරිඳු දෙවන පෑතිස් අත් මුඳුන් දී වඳින්නේ

අවි කඩු දුනු හීයාදී තබා­බිම් අතෑරී
දිවි මහ සුදි­නීමේ අත් මුඳුන් දී නමා සිත්
සවි බලැති ව දම් පිං කෙම් පහන් වත් සිරින් ඈ
පිවි තුරු ළය චින්තාවේ වැඩෙව්වේ උසස් දේ

බිය සැක දුරු­වී­මෙන් දොස් මැකීමේ නියායේ
ජය මඟ දැක කල් යල් බැල්ම­කි­න්වත් හෙයින් දෝ
පිය වර මැන ගත් උස් බිම් කඩක් අත් වුණා සේ
හය හතර සුදැ­ක්මෙන් සිත් පහන් පත් උදා­රයි

පැට ලෙන වැඩ ගොන්නක් ගත් හිසේ ලූ බරක් වී
ගැට ලිහෙන සුදැ­ක්මක් හෝ දුවද්දී අයාලේ
අට පහ දැන ගත්තේ වී නමුත් මේ ලොවේ දී
සට නට වැද ජීවත් වේ බොහෝ දුක් විඳී­මෙන්

සිරි සොඳුරු කලා දැක්මේ සුජී­වත් රටා­වෙන්
හරි දසුන බලා­ගත් නෙත් පහන් පිං පුරා දී
පිරි සුදු ව පිපී ඒමෙන් සිත් මල් තලා­වක්
අරී අටැඟි තලේ සිත් වේ මැදුම් මං තැනීමේ

දුවන පනින සංසාරේ දීගා දී ඇදී­මෙන්
ගිමන හරින වෙස් ලා ගත් විමානේ වෙසෙන්නේ
නටන පනින මත්වීමේ විඩා­පත් විරාමේ
දිනන නිවන සිත් මල් විල් තෙරේ දි සදා මැයි

නන්ද­සේන පලි­හ­ක්කාර

************

අදයි පොසොන් දා

අනු බුදු සමි­ඳුන් අඹ තල මත හිඳ
දම් කඳ පව­තින දම් දිව­යින වැද
දෙසූ නිමල සද­හම් කඳ ඔද තෙද
රකී මෙ පින් බිම අදත් රැඳී හිඳ

රජු සුර­තින් රැඳි දුනු හී මිදුණී
මිග සෙන් දිවි ලැබ මර­ණින් මිදුණී
සුළු ඇත් අඩි සුතු­රෙන් මා මහිමී
දෙසු දම් අඹ තල කඳු හිස රැඳුණී

අඹ පැන,නෑ පැන විමසා සොඳිනී
රජ නැණ දැන සිරි සද­හම් දෙසුණී
නැණ­සර රජු හා පිරි­වර වෙතිනී
නැගී සාදු නද පුර­වර පිරුණී

උතුම් දැයට සරි දහ­මක් ලැබුණී
රටම සිසාරා පැතිරී වැඩුණී
මහා වෙහෙර ,සෑ රජි­ඳුන් තැනුණී
සිරි ලක දම් දිව­යින නම ලැබුණී

දෙද­හස් පන්සිය වස­රක් ගෙවුණී
තව එත­රම් කල් සුරැකේ සොඳිනී
උව­දුරු වළකා සව්සෙත් සැදුණී
උතුම් දහම් රැකි හැම ඉන් රැකුණී

පුරා පොසොන් සඳ නැඟ එන මෙදිනේ
මිහි­න්තලා කඳු සිර­සින් සොඳිනේ
එදා දෙසූ දම් සුමි­හිරි රසිනේ
අදත් හමා එන සුළඟේ රැඳුණේ

කුමු­දිනී වේලා­රත්න

 

ඔබේ කවි නිර්මාණ පහත ලිපිනයට එවන්න
කවි සිළුමිණ, ලේක්හවුස් - කොළඹ 10.
විද්යුත් තැපෑල [email protected]

Comments