Dialog තෙවැනි වස­ර­ටත් සම්මා­නය ලබයි | සිළුමිණ

Dialog තෙවැනි වස­ර­ටත් සම්මා­නය ලබයි

ප්‍රමුඛතම සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, අඛණ්ඩව තෙවන වරටත් ලංකාවේ වටිනාම වෙළඳ නාමය’ බවට ලොව ප්‍රමුඛතම ස්වාධීන වෙළඳ නාම තක්සේරුකරණ උපදේශන ආයතනය වන බ්‍රෑන්ඩ් ෆිනෑන්ස් විසින් නම් කරනු ලැබීය. වාර්ෂිකව 18 වන වරටත් පැවැත්වුණු තක්සේරුකරණයේදී ඩයලොග් සමාගම වෙත මේ වටිනා ගෞරව සම්මානය පිරිනැමුණු අතර, අඛණ්ඩව 7 වන වරටත් AAA වෙළෙඳ නාම ශේණිගත කිරීම සහ අඛණ්ඩව 14 වන වරටත් ‘වටිනාම විදුලි සංදේශ වෙළඳ නාමය’ යන සම්මානයද ලබා ගන්නටත් ඩයලොග් සමත්වූයේ ලාංකේය ජන ජීවිත සවිබලගන්වමින් ශක්තිමත් කරන සිය සන්නාමයේ ආචාර ධර්ම යළි යළිත් තහවුරු කරමිනි. ලාංකීය සිත් සතන් තුළ නොමැකෙන නාමයක් සනිටුහන් කිරීමට සමත් වූ ඩයලොග් සන්නාමය ‘වඩාත්ම ආදරය කරන විදුලි සංදේශ සන්නාමය’ ලෙසින්ද අභිෂේක ගැන්විණි.

ගතවූ වසර 25 තුළ ලාංකේය ජන ජීවිත සහ ව්‍යවසාය සවිබලගන්වමින් ශක්තිමත් කිරීම සඳහා වූ ඩයලොග් ආයතනයේ අභිමතාර්ථය සහ ඒ වෙනුවෙන් දක්වන ලද අප්‍රතිහත කැපවීම ඩයලොග් සන්නාමයේ ශක්තිය කෙරෙහි බලපෑ ප්‍රධාන සාධක විය. සිය සන්නිවේදන ධාරිතාවයත් සන්නාමයේ ශක්තියත් උපයෝගී කරගනිමින් ප්‍රජාව කෙරෙහි ධනාත්මක බලපෑමක් ඇති කිරීමට සමත් වූ විසඳුම් ලබාදීමට ඩයලොග් සමාගමට හැකිවිය. ඩයලොග් සන්නාමය සහ එහි වටිනාකම් සම්බන්ධයෙන් මිලියන 16 කට අධික පාරිභෝගිකයන් සතු විශ්වාසය සහ ළබැඳියාව සමාගමට ලැබෙන මෙවැනි ඇගයීම් තුළින් මැනවින් පිළිබිඹු වේ.

Comments