CDB වෙතින් ගම්පහ දිස්ත්‍රික් මහ රෝහ­ලට වෛද්‍ය උප­ක­රණ | Page 2 | සිළුමිණ

CDB වෙතින් ගම්පහ දිස්ත්‍රික් මහ රෝහ­ලට වෛද්‍ය උප­ක­රණ

 

ලංකාවේ තිරසාරත්වය සම්බන්ධ ඉහළම ආයතනික පුරවැසියන් 10 දෙනා අතර සිටින Citizens Development Business Finance PLC(CDB)ආයතනය,ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලට රු. මිලියන 10ක වටිනාකමකින් යුත් උපකරණ තොගයක් පරිත්‍යාග කිරීමට පසුගියදා කටයුතු කළේ ය.

එම රෝහලේ දැඩි සත්කාර ඒකකය සඳහා ඉක්මනින් අවශ්‍යය වී පැවති එම උපකරණ අතරට වෙන්ටිලේටර් සහ මොනිටර් යන්ත්‍ර ඇතුළු වෛද්‍ය උපකරණ රැසක් ඇතුළත් විය.

සමාජයීය වගකීම ප්‍රමුඛ කොටගත් Triple Bottom Line සංකල්පය CDB ආයතනයේ ව්‍යාපාර ක්‍රමෝපායේ අනිවාර්යව අංගයක් වන අතර, රටේ ප්‍රමුඛතම සමාගමක් ලෙස, ජාතියේ යහපැවැත්ම සම්බන්ධයෙන් තමන් සතු වගකීම පිළිබඳව එම ආයතනය හොඳින් දැනුවත් ය. ඒ නිසාම, ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ප්‍රියන්ත ඉලේපෙරුම විසින් කරන ලද ඉල්ලීමකට අනුව,එම රෝහලේ දැඩි සත්කාර ඒකකයට අවශ්‍යය වී පැවති උපකරණ පරිත්‍යාග කිරීමට CDB ආයතනය වහාම පියවර ගත්තේ ය.

වෙන්ටිලේටර් සහ මොනිටර් යන්ත්‍ර වලට අමතරව සිරින්ජ් පොම්ප,ඉන්ෆියුෂන් පොම්ප,multipara මොනිටර, සහ නවීකරණය කරන ලද ස්කූබා ඩයිවින් මුහුණු ආවරණ වැනි තවත් උපකරණ තොගයක්ද මෙම පරිත්‍යාගයට ඇතුළත් විය.

Comments