මහ­ජන බැංකු­වට එරෙහි නඩු­වෙන්, යශෝධා හෝල්ඩින්ග්ස් (පුද්ග­ලික) සමා­ගම පැර­දෙයි | Page 2 | සිළුමිණ

මහ­ජන බැංකු­වට එරෙහි නඩු­වෙන්, යශෝධා හෝල්ඩින්ග්ස් (පුද්ග­ලික) සමා­ගම පැර­දෙයි

යශෝධා හෝල්ඩින්ග්ස් (පුද්ගලික) සමාගම, මහජන බැංකුවට එරෙහිව ඔවුන් විසින් මහජන බැංකුව වෙත උකස් කරන ලද දේපළ බැහැර කිරීමෙන් නොගෙවා පැහැර හරින ලද ණය මුදල් අයකරගැනීම වැළැක්වීම සඳහා පවරන ලද නඩුවේදී ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මහජන බැංකුවේ වාසියට තීන්දුව ලබාදෙන ලදි.

මෙම උකස් කරන ලද දේපළ යශෝධා හෝල්ඩින්ග්ස් (පුද්ගලික) සමාගමේ අධ්‍යක්ෂකවරයෙකු සතු දේපළක් වන අතර එම අධ්‍යක්ෂකවරයා මෙම ණය මුදලේ ප්‍ර තිලාභ ලබා ඇති බැවින් එකී දේපල විකුණා ණය මුදල අයකර ගැනීමට කටයුතු කිරීම සඳහා මහජන බැංකුවට අවසර ලබාදෙන ලදි.

මෙම නඩුව යශෝධා හෝල්ඩින්ග්ස් (පුද්ගලික) සමාගම විසින් පවරන ලද්දේ සංශෝධිත පරිදි වූ 1961 අංක 29 දරන මහජන බැංකු පනතේ ප්‍රතිපාදන යටතේ මහජන බැංකුව විසින් මෙම දේපළ පවරා ගැනීම අභියෝගයට ලක් කරමිනි.

දෙපාර්ශ්වයේම නීති තර්ක සැළකිල්ලට ගනිමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මහජන බැංකුවට උකස් කරන දේපළ බැහැර කිරීමට අවසර ලබාදෙන ලදි.

මෙම නඩු තීන්දුව මඟින් සමාගම් අධ්‍යක්ෂකවරයෙකුට සමාගමේ ආවරණය යටතේ හිඳිමින් තමා සතු දේපළක් බැංකුවක් වෙත උකස් තබා සමාගම නමින් ලබාගත් ණය මුදලක් නොගෙවා පැහැර හැරීම හේතු කොට එකී දේපල රටේ බලතල යටතේ විකිණීමෙන් මඟහැර යා නොහැකි බව තීරණය විය.

මෙම නඩු තීන්දුව මඟින් යශෝධා හෝල්ඩින්ග්ස් (පුද්ගලික) සමාගම විසින් දශක දෙකක පමණ කාලයක් තිස්සේ මහජන බැංකුව වෙත නොගෙවා පැහැර හැර ඇති ණය මුදල් අයකර ගැනීමට අවස්ථාව සැලසෙන අතර, බැංකු විශේෂඥයින්ගේ මතය අනුව මෙය බැංකුව වෙත ණය මුදල් නොගෙවා පැහැර හරින්නන් සම්බන්ධ විශේෂිත වූ තීන්දුවක් ලෙස සැලකිය හැක.

Comments