අනුරපුර ‘අඩිය’ දුර දිගයයි | සිළුමිණ

අනුරපුර ‘අඩිය’ දුර දිගයයි

සුරාබදු සැල් මුද්‍රා තබා තිබියදී අනුරාධපුර සතොස සුපිරි වෙළෙඳසලේ සුරාබදු බලපත්‍රලත් ස්ථානය විවෘතකොට මත්පැන් බෝතල් 800ක් පමණ අලෙවි කිරීම සම්බන්ධයෙන් සුරාබදු දෙපාර්තමේන්තුව විසින් ඉහළ පෙළේ අභ්‍යන්තර පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි සුරාබදු කොමසාරිස් සහ එහි මාධ්‍ය ප්‍රකාශක කපිල කුමාරසිංහ පැවැසීය.

ඒ අනුව මේ වන විට සුරාබදු කොමසාරිස් ජෙනරාල් එම්. ජේ. ගුණසිරිගේ උපදෙස් මත උතුරුමැද පළාත බාර සහකාර සුරාබදු කොමසාරිස් සහ අනුරාධපුර දිස්ත්‍රික් බාර සුරාබදු අධිකාරිවරයා විසින් ස්ථානීය පරීක්ෂාවක්ද සිදුකර ඇත.

 

Comments