අධිනීතීඥ බුද්ධික කුරුකුලරත්න අභාවප්‍රාප්ත වෙයි | Page 2 | සිළුමිණ

අධිනීතීඥ බුද්ධික කුරුකුලරත්න අභාවප්‍රාප්ත වෙයි

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියකු මෙන්ම හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වූ අධිනීතීඥ බුද්ධික කුරුකුලරත්න (78) පසුගියදා අභාවප්‍රාප්ත විය.

බුද්ධික කුරුකුලරත්න 1966 දී ජනතා පුවත්පතේ කර්තෘ මණ්ඩලයට එක්වෙමින් සිය මාධ්‍ය දිවිය ආරම්භ කළේය. ඒ අතරතුර නීති විද්‍යාලයට ඇතුළත් වූ ඔහු නීති උපාධිය හැදෑරීය. ‘සියරට’ පුවත්පතේ කතුවරයා ලෙස ද කටයුතු කළ කුරුකුලරත්න ඉරිදා ලක්බිම පුවත්පත සඳහා ‘අම්බලන්ගොඩයා’ නමින් ලිපි පෙලක් ද රචනා කළේය. ගාල්ල දිස්ත්‍රික්කයේ එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තුවරයකු ලෙස 1989 වසරේ දී පාර්ලිමේන්තුවට තේරී පත්වූ ඔහු 1994 වසර දක්වා මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කළේය. මියයන තුරුම සමාජ සේවා කටයුතුවල නිරත වූ ඔහු අඩුආදායම්ලාභී පවුල්වල දරුවන්ට ශිෂ්‍යත්ව ප්‍රදානය, නොමිලේ ඉංග්‍රීසි භාෂා අධ්‍යාපනය ලබාදීම ආදී සේවා රැසක් පවත්වාගෙන ගියේය.

Comments