සතියේ කලදවස | සිළුමිණ

සතියේ කලදවස

 මේෂ - විවිධ ආදායම් ඇතිවේ

මේෂ ලග්නයට අනුව මෙම සතිය ඔබට ඉතා සුබයි. දේපළ හිමිකම් සහිතයි තම අසල්වාසීන්ගෙන් සහයෝගය ලැබෙනු ඇත. තම ජීවනෝපාය ලෙස විවිධ ආදායම් ඉපදීමට සමත්වේ. මඳ අපහසුතාවයට ඇත්තේ උත්සාහය නිෂ්ඵල වන තැනට වැඩ සැලසීමයි. එහෙත් අධිෂ්ඨානය නිසා බොහෝ ඉදිරියට යාම සිදුවනු පෙනේ. චන්ද්‍රයා ඔබ කේන්ද්‍රයේ මේ සතියේදී 03, 04, 05, 06 ස්ථාන පසුකර ගමන් කරයි.

 

 වෘෂභ - හදිසි ධන ලාභ

වෘෂභ ලග්නයට අනුව මෙම සතියේ ඔබ කේන්ද්‍රයේ චන්ද්‍රයා 02,03,04, 05 යන ස්ථානවල හැසිරීම නිසා හදිසි ධන සම්පතකට උරුමකම් කියයි. තම ළඟම සිටි අයකුට ඇතිවන හදිසි උවදුරක් නිසා ඒ වෙනුවෙන් කාලය මිඩංගු කිරීමට සිදුවේ. ශරීර සෞඛ්‍යය අතින් උගුරේ අමාරු, සෙම් අමාරු මතු කරන නිසා ප්‍රවේශම් විය යුතුයි.

 

මිථුන - ගැඹුරු අදහස් සිතට නැ‍ඟේ

මිථුන ලග්නයට අනුව ඔබට සිතේ නොනිමි සතුටක් ඇතිවීමට කරුණු යෙදේ. තම නිර්මාණශීලී හැකියාව මතු කෙරෙන අතර සිතට එන ගැඹුරු අදහස් ක්‍රියාවට නැංවීමට පෙලඹේ. ඒ සඳහා තමාට තම හිතවතුන්ගෙන් ඇප උපකාර ලැබේ. විවාහ දිවිය සඵල වන අතර ආදර සබඳතා වැඩි දියුණු කෙරෙන සතියකි. ඔබ කේන්ද්‍රයට අනුව චන්ද්‍රයා මෙම සතියේ ගමන් කරනුයේ 01,02, 03, 04 යන ස්ථාන පසු කරමිනි.

 

කටක - අභියෝග රැසක්

කටක ලග්නයට අනුව ඔබගේ කේන්ද්‍රයේ චන්ද්‍රයා ගමන් කරනුයේ 12,01,02,03 යන ස්ථානවල නිසා මඳක් අපහසුතාවලට අභියෝගවලට මුහුණ දීමට සිදුවන සතියකි. පිටරටකට යාමට තිබූ අදහසට අනුව ඒ වෙනුවෙන් කෙනෙකුට මුදල් දී තිබුණද එම ගමන අවලංගු වන තත්ත්වයක් උසුලන නිසා ආර්ථික අපහසුතාවකට පවා මුහුණ දීමට සිදුවේ.

 

සිංහ - ණය මුදලක් ලැබේ

සිංහ ලග්නයට අනුව චන්ද්‍රයා මෙම සතියේ ගමන් කරනුයේ 11,12,01,02 යන ස්ථානවල නිසා ආර්ථික අතින් සුබවාදී වෙයි‍. තමා ඉල්ලුම්කර තිබූ ණය මුදලක් කලකට පසුව ඔබට හිමිවේ. ඒ නිසා ඉතා යහපත් ආයෝජනයකට යොමුවීම ඔබට හැකිවේ. තම දූ දරු ගැටලු රැසක මුහුණ දීමට සිදුවනු ඇත. දෙවතාවක් සිතා තීන්දු තීරණ ගැනීම සුබවාදී වෙයි.

 

 කන්‍යා - ආර්ථික ප්‍රතිලාභ රැසක්

කන්‍යා ලග්නයට අනුව මෙම සතිය ඔබට සුබයි. ඒ තම රැකියා තත්ත්වය උසස් කරමිනි. ආර්ථික ව‍ශයෙන් ද ප්‍රතිලාභ රැසක් හිමිවේ. තම ඥාති සබඳතා වැඩි දියුණු වනු ඇත. පිටරට ගමනක් සඳහා කටයුතු සැලසෙනු ඇත. තම දරුවකුගේ කටයුත්තක් වෙනුවෙන් කාලය ශ්‍රමය කැප කිරීමට සිදුවේ. ප්‍රධානීන්ගෙන් ඇප උපකාර ප්‍රසාදය හිමිවේ.

 

 තුලා - උත්සාහයේ තරමට ප්‍රතිඵල

තුලා ලග්නයට අනුව ව්‍යාපාර ක්ෂේත්‍රයේ ඉහළටම යා හැකි සතියකි‍. කොතෙක් සංචරණ සීමා දිගු වුව ද ඔබගේ ව්‍යාපාර නොනවත්වා කරගෙන යාමට ඔබට හැකිවේ‍. තම නැදිමයිලන්ගෙන් උසස් සහ‍යෝගය ලැබේ. ශරීර සෞඛ්‍යය අතින් යහපත්ය. පුණ්‍යවන්ත බව තහවුරු කෙරෙන ප්‍රතිලාභ හිමිවේ. උත්සාහයේ තරමට ප්‍රතිඵල උදාවේ. චන්ද්‍රයා මෙම සතියේ ඔබ කේන්ද්‍රයට අනුව ගමන් කරනුයේ 09,10,11,12 යන ස්ථානවලයි.

 

 වෘශ්චික - දේපළකට හානි

වෘෂ්චික ලග්නයට අනුව චන්ද්‍රයා 08,09,10,11 යන ස්ථානවල සැරිසරණ මෙම සතිය ඉතා ප්‍රවේශම් විය යුතු වෙයි. තම දේපළකට හානි සිදුවිය හැක. ආර්ථික පාඩුවක් වුව ද විය හැක. තමා දුරදිග සිතා නොබලා ගන්නා තීන්දුවකට අනුව තම හිතවතුන් පවා දුරස් වන තත්ත්වයකි. ශරීර සෞඛ්‍ය අතින් තුනටියට විය හැකි ආපදා තත්ත්වයක් ද පෙන්වනු ඇත.

 

 ධනු - බාහිර පාර්ශ්වයෙන් උපකාර

 ධනු ලග්නයට අනුව මෙම ‍සතිය තම ජීවන තත්ත්වය උසස් කෙරෙන සිදුවීමකට හේතුයි. අවිවාහක අයට මංගල යෝග ද, ආදර සබඳතා පවත්වාගෙන යන අයට වැඩිහිටි කැමැත්ත ප්‍රසාදය ද හිමිවේ. තම ආර්ථික දියුණුවට කටයුතු සැලසේ. එදිනෙදා තමාගේ කටයුතුවලට බාහිර පාර්ශ්වයෙන් ඇප උපකාර ලැබෙනු ඇත. වියදම අධික වුව ද ලැබීම් අතින් ද අඩුවක් නොවේ. චන්ද්‍රයා ඔබ කේන්ද්‍රයට අනුව ගමන් කරනුයේ 07,08,09,10 යන ස්ථානවලයි.

 

 මකර- ආහාරපාන අගුණවේ‍

මකර ලග්නයට අනුව මෙම සතිය ඔබගේ ජීවිතයේ අසතුටුදායක තත්ත්වයකට පත්වීමට සිදුවේ. තම එදිනෙදා ජීවිතයේ අභියෝග රැසකි. තමාට ඔරොත්තු නොදෙන අන්දමේ සිදුවීමකට හේතුවේ‍. ශරීර සෞඛ්‍ය අතින් යටි බඩ තුනටිය ආශ්‍රිත උවදුරු පෙන්වයි‍. හදිසියේ කෙනෙකු දෙන ආහාර පාන පිළිබඳ සැලකිලිමත් වන්න. සතිය මුල් කාලය හා අවසාන දින දෙක තුන සිතේ කලකිරීම් ඇති කෙරේ. චන්ද්‍රයා ඔබ කේන්ද්‍රයට අනුව ගමන් කරන්නේ 06,07,08,09 යන ස්ථානවලයි.

 

 කුම්භ - පවුලට අලුත් සාමාජිකයෙක්

කුම්භ ලග්නයට අනුව මෙම සතිය ඔබට සුබවාදී ආරංචි රැසක් ලැබේ. පවුලට අලුත් සාමාජිකයකු එකතු වනු ඇත. පිරිස් බලය අතින් ඔබ බලවත්වේ. බාහිර පරිසරයෙන් එන බලවේග මැඬපැවැත්වීමට අවස්ථාව උදාවේ. තම සිතේ සතුට අභිවෘද්ධිය උදාවේ. චන්ද්‍රයා ඔබ කේන්ද්‍රයට අනුව මෙම සතියේ ගමන් කරනුයේ 05,06,07,08 යන ස්ථානවලයි. සතිය ආරම්භය දී තමාට ලැබෙන්නට තිබූ හිමිකමක් ලැබීමට කරුණු යෙදේ.

 

 මීන - වෘත්තීය මට්ටම උසස්වේ

මීන ලග්නයට අනුව ඔබට මෙම සතිය ඉතා සුබයි. වාහන, නිවාස හිමිකම් සහිතයි. වෘත්තීය මට්ටම උසස්වේ. තම දේපළ හෝ ව්‍යාපාරවල ප්‍රවර්ධනයක් ඇතිවේ. තම සොහොයුරකු නිසා පවුලට ලැබෙන්නට තිබූ ආර්ථික ප්‍රතිලාභ ඉක්මන් වන ලකුණු පෙනේ. දුර දිග නොසිතා කටයුතු කිරීම සුබ නැත. තම කේන්ද්‍රයට අනුව චන්ද්‍රයා මෙම සතියේ 04,05,06,07 යන ස්ථානවල ගමන් කිරීම නිසා මෙසේ සිදුවනු ඇත.

-------------------------------------------------

13 ඉරිදා

19.00 තෙක් පුනාවස නැකත යි. සුදුසු අකුරු ‘කෙ, කො, හ, හි‘

 

14 සඳුදා

13 ඉරිදා 19.00 සිට 14 සඳුදා 20.36 තෙක් පුස නැකත යි. සුදුසු අකුරු ‘හු, හෙ, හො, ඩ‘

 

 

15 අඟහරුවාදා

14 සඳුදා 20.36 සිට 15 අඟහරුවාදා 21.41 තෙක් අස්ලිස නැකත යි. සුදුසු අකුරු ‘ඩි, ඩු, ඩෙ, ඩො‘

16 බදාදා

15 අඟහරුවාදා 21.41 සිට 16 බදාදා 22.14 තෙක් මා නැකත යි. සුදුසු අකුරු ‘ම, මි, මු, මෙ‘

 

17 බ්‍රහස්පතින්දා

16 බදාදා 22.14 සිට 17 බ්‍රහස්පතින්දා 22.12 තෙක් පුවපල් නැකත යි. සුදුසු අකුරු ‘මො, ට, ටි, ටු‘

18 සිකුරාදා

17 බ්‍රහස්පතින්දා 22.12 සිට 18 සිකුරාදා 21.37 තෙක් උත්‍රපල් නැකත යි. සුදුසු අකුරු ‘ටෙ, ටො, ප, පි‘

 

19 සෙනසුරාදා

18 සිකුරාදා 21.37 සිට 19 සෙනසුරාදා 20.28 තෙක් හත නැකත යි. සුදුසු අකුර ‘පු‘. ඉන් පසු ඉරිදා 18.49 තෙක් සිත නැකත යි. සුදුසු අකුරු ‘පෙ, පො, ර, රි‘

මෙහි වේලාව දක්වා ඇත්තේ පැය 24 ඔරලෝසුව අනුව යි.

Comments