'ප්‍රතිපෝෂණය' කුමක් සඳහා ද? | සිළුමිණ

'ප්‍රතිපෝෂණය' කුමක් සඳහා ද?

 

"ලේඛනයෙන් හෝ ශබ්දයෙන් හෝ දෘශ්‍යයෙන් හෝ බිහි වී ජනතාව අතර යන කිනම් සන්දේශයක් වුවත් පලදායක වීද නැද්ද යන්න හඳුනාගන්නේ කෙසේ ද? එහි අවශ්‍යතාව කෙතරම් ද? ඒ අවශ්‍යතාව හඳුනාගන්නේ කෙසේ ද? මේ ප්‍රශ්න වලට පිළිතුරු දැන හැඳින ගත හැකි නම් අප ඊට කියන්නේ ප්‍රතිපෝෂණය (feedback) කියල," යනුවෙන් එම සංකල්පය පැහැදිලි කරන්නේ ජෝර්ජ් ගාබ්නර් (George Garbner) නමැති සන්නිවේදන විශාරදයා. ඒ වග සටහන් කර ඇත්තේ Sociology of Mass Communication නමින් හැඳින්වෙන් ශාස්ත්‍රීය කෘතියේ ය.

ගාබ්නර් ආචාර්යවරයා සටහන් කරන තවත් කාරණා කීපයක් කෙරෙහි අපගේ අවධානය යොමු විය යුතු යි.

"ප්‍රතිපෝෂණය සාමාන්‍ය වශයෙන් දැනහැඳින ගැනීම එක් දෙයක්. එහිම විශේෂ වශයෙන් දැන හැඳින ගැනීම තවත් කාරණයක්. අපි යම් කිසි ලේඛනයක් ලියන්නේ පෞද්ගලික අර්ථ සිද්ධියකට නම් ඒ ගැන අමුතුවෙන් පෙරළා දැන හැඳින ගැනීමක් අවශ්‍ය නොකෙරේ. දෙදෙනෙකු අතර හුවමාරු වෙන ලියුම් ගනුදෙනුවක දි වුවත් ද්විපාක්ෂික ප්‍රතිපෝෂණයක් (two-way feedback) ඇති වේ. ඔබ එවූ ලියමනට මම පිළිතුරු ලියුමක් නොඑවමි, කියා කෙනෙකු පෙරලා පිළිතුරක් එවතහොත් එය වුවද සැලකිය යුත්තේ ප්‍රාථමික ප්‍රතිපෝෂණයක් (primary feedback) වශයෙනි.

"මා ඔබට එවූ ලියමන මා අපේක්ෂා කළ පිළිතුරු ලැබිණැයි" පළමු ලියමන එවූ පුද්ගලයාට හිතාගත හැකි ය. මේ ක්‍රියාදාමය තවත් දිගුවීමක් දැකගතහැකි වන්නේ විධිමත් ලෙස මාධ්‍ය භාවිතයේ දි ය. ශබ්දයක් මඟින් දැනුම් දෙනු ලබන කාරණයකට ඇහුම්කන් දෙන්නා විසින් දක්වනු ලබන්නේ කිනම් ප්‍රතිචාරයක් ද? බෙර වාදනය අපට ගත හැකි අද්විතීය නිදසුන කි. ගමක ජීවත් වන කෙනෙකුට 'අණබෙරය', 'මඟුල් බෙරය', 'අවමඟුල් බෙරය' හඬ හෙවත් ශබ්දයෙන්ම කිව හැකි ය. ඒ සංසිද්ධියම කෙමෙන් දිගු වී තාක්ෂණයට මුසු වී ශබ්ද මාධ්‍යයෙන්ද විවිධාකාර සංඥා (signs) ලැබීමට සැලැස්වේ. ශබ්දයෙන් ප්‍රකාශිත ඇතැම් අර්ථ වලට ඇහුම්කන් දෙන අයගේ කැමැත්ත හා අකමැත්ත ද පෙරළා පළ වේ. මෙය ද ප්‍රතිපෝෂණය කි. එය විටෙක ක්ෂණිකව සිදුවන්න කි.

"මට අහගෙන ඉන්න බැහැ. ඒ ගමන මම ගුවන්විදුලිය වහලා දැම්මා." යන්න ක්ෂණික ප්‍රතිපෝෂණ කාර්යය කි. එහෙත් අපහසුවෙන් හෝ කල් වේලා ගත කරමින් ශ්‍රවණය කොට පසුව තම කැමැත්ත හෝ අකමැත්ත දැන්වීම පමා වී දක්වන ප්‍රතිපෝෂණය කි.

දෘශ්‍ය මාධ්‍ය (visual medium) මාධ්‍ය ලෝකයේ දැවැන්තව නැගී සිටින බව නිතර ඇසෙන කාර්යය කි. ඇතැම්හු තමන් හමුවේ දිස් වෙන රූප හෙවත් දෘශ්‍ය ජවනිකා (visual episodes) දෙස බලා සිටිනු පෙනෙන්නේ නොතිත් ඇල්මකිනි.

"ඔබ ඒ රූප වලටත් ඒවායින් මැවුණු ජවනිකා වලටත් කැමති ද?" යන ප්‍රශ්නය ඇසුවහොත් කිනම් ප්‍රතිචාරයක් ලැබේද? එක් නරඹන්නෙකු හෙවත් ප්‍රෙක්ෂකයෙක් පවසන දේට වඩා තවත් කෙනෙක් පවසන දේ අතර ප්‍රතිපෝෂණ පරතරයක් (feedback) තිබිය හැකි ය.

එහි සංඛ්‍යාත්මක අඩුවැඩි වීමක් ද ඇති බව සමීක්ෂණ (surveys) මඟින් දත හැකි ය.

"මම බලාගෙන හිටියා තිරය දිහා ආශාවෙන්."

"මම බලාගෙන හිටියා තිරය දිහා, ඒ තරම් ආශාවකින් නොවේ."

"මම බලාගෙන හිටියා නොවේ. මට බලා ඉන්න 'අනිවාර්ය ඇණවුමක්' (compulsory order) ඇති කරල තිබුණා."

"මම ටිකක් දුර බලා ඉඳලා වහලා දැම්මා."

මේ ප්‍රතිපෝෂණයේදි ග්‍රාහක ස්ථානයෙන් (recipient standpoint) හඳුනාගත හැකි පවසන හෝ නොපවසන වගන්ති මාලාව කි. ඒ වගන්ති මාලාව බාගදා ග්‍රාහක සංස්කෘතියට අනුකූලව වෙනස්වනු වැළැක්විය නොහැකි ය.

ප්‍රතිපෝෂණ සංකල්පය හඳුනාගැනීම උදෙසා ගාබ්නර් ආචාර්යවරයා උපුටා දක්වන්නේ සුප්‍රකට කවියකු වූ ඊ. ඊ. කමින්ග්ස් (e. e. cummings) ලියූ මතයක් මෙසේ උපුටා දක්වයි.

"මා ලියූ කවිපද

කෙසේ මා ලියුවා ද?

තවදුරටත් මට අයිති නැත!

ඒ කවි ගැන ඔබ හිතන දේ

දැනගන්නේ කෙලෙස ද?

මා ලියූ බව පමණ කි

මා හැඳින ඇත්තේ

ඔබ කුමක් කීව ද?

මට ඉන් පලක් අත් වෙද?

මට ඇසුණත් - මට පෙනුණත්

මගේ වෙනසක් ඇති වෙද?"

"කිසියම් උත්තේජනයක් (stimulus) මඟින් පෙරළා ලැබෙන ප්‍රතිචාර (response) වගේමයි නේද ප්‍රතිපෝෂණයත්? කියල කෙනෙක්ට අහන්න පුළුවන්. ඊට සෘජුව දීමට හැකි වන පිළිතුර නම් එහි සමාත්වයක් තිබුණත් ප්‍රතිපෝෂණය මඟින් හුදු ප්‍රතිචාර වෙනුවට ඊට වඩා දීර්ඝ වූත් සරු වූත් කාර්යයක් සිදු විය යුතු බව යි. පැහැදිලිව පෙනෙන්නේ ප්‍රතිපෝෂණය පෙරළා දැන්වීමක් හෙවත් දැනුම් දීමක් වන අතර ප්‍රතිචාරය ක්ෂණිකව සිදුවන්නක් බවයි. මේ කාරණය විවාදාත්

Comments