'ඔක්ලන්ඩ්' ලෝකයේ ජීවත් වීමට සුදුසුම නගරය වෙයි | Page 2 | සිළුමිණ

'ඔක්ලන්ඩ්' ලෝකයේ ජීවත් වීමට සුදුසුම නගරය වෙයි

නවසීලන්තයේ ඔක්ලන්ඩ් නගරය ලොව ජීවත් වීමට හොඳම නගරය ලෙස ප්‍රකට සගරාවක් වන 'ද ඉකොනොමිස්ට්' මගින් නම් කර තිබේ. එම ශ්‍රේණිගත ලැයිස්තුවට ඇතුළත් සමස්ත නගර සංඛ්‍යාව 140කි.
 
නවසීලන්තයේ අගනුවර වන වෙලින්ටන් සිව් වන ස්ථානය පත්ව තිබෙන අතර දෙවන තැන ගැනීමට ජපානයේ ඔසාකා  සමත්ව තිබේ. 
 
තුන්වන තැන හිමිව ඇත්තේ ඔස්ට්‍ර්ලියාවේ ඇඩිලේඩි වෙතය.  
 
පස්වන ස්ථානයට  ජපානයේ ටෝකියෝ නුවර නම් කර තිබෙන අතර හය වන ස්ථානය ඕස්ට්‍රේලියාවේ පර්ත් නුවර හිමිකර ගෙන තිබේ. 
 
ස්විට්සර්ලන්තයේ සූරිච් ජිනීවා නුවර හත සහ අට වන ස්ථානවලට පත්ව තිබෙන අතර ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නව වැනි තැනට පත්ව ඇත. 
 
දහවෙනි තැන වෙන් කර ගැනීමටද ඔස්ට්‍රේලියාව සමත්ව ඇති අතර ඒ අනුව බ්‍රිස්බේන් නගරය එම තැන හිමි කරගෙන ඇති බව දැක්වේ.
 
නගර තුළ පවතින යටිතල පහසුකම්, අධ්‍යාපනය, දේශපාලනික ස්ථාවරත්වය, සෞඛ්‍ය අංශ වැනි කරුණු අදාළ ශ්‍රේණිගත කිරීමට යොදා ගෙන තිබේ.
 
'ද ඉකොනොමිස්ට්' සඟරාව වාර්ෂිකව මෙලෙස ශ්‍රේණිගත කිරීමේ ක්‍රියාවලියක් සිදුකරයි. මෙවර ශ්‍රේණිගත කිරීම්වල දී කොරෝනා වසංගත පාලනය එහි සාර්ථකත්වය පිළිබඳ දැඩි අවධානයක් යොමු කර ඇති බව වාර්තා වේ.
 
ලොව ජිවත් වීමට නුසුදුසුම නගරය ලෙස දක්වා ඇත්තේ සිරියාවේ ඩැමස්කස්ය. 
 
 

Comments