මහ වැස්සක් කළ හදි­යක්! | Page 2 | සිළුමිණ

මහ වැස්සක් කළ හදි­යක්!

දිවයිනේ දිස්ත්‍රික්ක 5ක් කලඹවමින් ඇද හැලෙන අධික වර්ෂාපතනය හේතුවෙන් පවුල් 31,303කට අයත් පුද්ගලයන් 130,672 සිකුරාදා පස්වරුව වන විට ආපදාවට ලක්ව තිබුණි. සිදුවූ මරණ තුනෙන් එක් මරණයක් සිදුවූයේ රත්නපුර අයගම දුම්බර වසමේ මැදපොළ ගමේය. ඒ 16 හැවිරිදි සෙත්මිණි ලක්මාලි පෙරේරාය. කන්දක් නායයාමෙන් අනතුරට ලක් වූ ඇයගේ සිරුර කිරිඇල්ල පොලිසිය සහ රත්නපුර ආපදා කළමනාකරණ ඒකකය විසින් ගොඩට ගෙන ආ අවස්ථාව සිළුමිණ රත්නපුර විශේෂ වාර්තාකරු එන්.පී. රාජදොරේ සේයාරුවට හසු කර ගත් අවස්ථාව. (වමේ) සහ පුත්තලම දිස්ත්‍රික්කයේ පහත් බිම් රැසක් ජලයෙන් යට වූ අවස්ථාවේ මහවැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ තරුණියක් සිය සුරතල් සුනඛයා ඔසවා ගෙන ආරක්ෂිත ස්ථානයකට ගමන් කළ අවස්ථාව පුත්තලම සිළුමිණ වාර්තාකරු මිහිර විජෙසේකර කැමරාවට හසුකරගත් අයුරු.

Comments