අධි­වේ­ගයේ පිවි­සුම් 5ක් වැසේ | Page 2 | සිළුමිණ

අධි­වේ­ගයේ පිවි­සුම් 5ක් වැසේ

කොළඹ පිටත වටරවුම් මාර්ගයේ හා දක්ෂිණ අධිවේගී මාර්ගයේ පිවිසුම් ස්ථාන පහක් වසා දැමීමට සිදුව ඇතැයි මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි.

ඒ අනුව කොතලාවල, කඩුවෙල, කොට්ටාව, ඉමදූව සහ මත්තල පිවිසුම් වසා දමා ඇති බවත් එ් ස්ථානයන්හි සේවකයන් 28 දෙනකුට කොවිඩ් රෝගය වැලඳීම ඊට හේතු වී තිබෙන බවත් වාර්තා වේ. කෙසේ වුවත් මුදල් ගෙවීමකින් තොරව ගිලන් රථවලට පමණක් කොට්ටාව පිවිසුමෙන් පිටවීමට අවස්ථාව ලබාදී ඇති අතර එහි පොලිස් නිලධාරීන් පමණක් සේවයේ යෙදී සිටී.

Comments