හේමාස් රෝහල කෝවිඩ් ආර­ක්ෂිත රෝහල් සමූ­හයක් ලෙසින් සහ­තික ලබයි | සිළුමිණ

හේමාස් රෝහල කෝවිඩ් ආර­ක්ෂිත රෝහල් සමූ­හයක් ලෙසින් සහ­තික ලබයි

ශ්‍රී ලාංකේය පුද්ගලික රෝහල් ක්ෂේත්‍රයන් වෙත ජාත්‍යන්තර ප්‍රමිතියේ සුවසේවාවක් පළමු වරට හඳුන්වාදෙමින් ඔස්ට්‍රේලියාවේ ACHSI අන්තර්ජාතික ප්‍රමිතිකරණය පළමු වරට හිමි කර ගත් හේමාස් රෝහල් සමූහය කෝවිඩ් 19 න් ආරක්ෂිත ශ්‍රී ලංකාවේ පළමු රෝහල ලෙස ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ ප්‍රමිතිකරණ සහතිකයෙන් පිදුම් ලැබීය.

කෝවිඩ් 19 න් ආරක්ෂිත ව්‍යාපාර, භාණ්ඩ හා සේවා පවත්වාගෙන යනු ලබන ආයතන සහ කර්මාන්තයන් ප්‍රමිතිකරණයකට ලක් කිරීම සඳහා ශ්‍රී ලංකා ප්‍රමිතිකරණ ආයතනය විසින් ස්ථාපනය කර ඇති සහතිකකරණ වැඩපිළිවෙළ දැඩි පිරික්සුම් ක්‍රියාවලියක් යටතේ අවශ්‍යතා රැසක් අඛණ්ඩව සපුරාලීම සහ කෝවිඩ් 19 ආරක්ෂිත කළමනාකරණ ක්‍රමවේදයන් තිරසාරව පවත්වාගෙන යෑම වෙනුවෙන් SLS 1672: 2020 ප්‍රමිතිකරණය හේමාස් රෝහල් සමූහයට පිරිනැමිණ.

Comments