සෙලාන් බැංකුවෙන් වෙබ් සම්ම­න්ත්‍ර­ණ­ මාලාවක් | Page 2 | සිළුමිණ

සෙලාන් බැංකුවෙන් වෙබ් සම්ම­න්ත්‍ර­ණ­ මාලාවක්

සුහද හදක් ඇති දේශීය බැංකුව සෙලාන් බැංකුව, කුඩා හා මධ්‍යපරිමාණ ව්‍යවසාය ක්ෂේත්‍රය (SME) වෙනුවෙන් සංවිධානය කරනු ලබන වෙබ් සම්මන්ත්‍රණ (webinar) මාලාවෙහි නවතම වැඩසටහන පසුගියදා පවත්වන ලදී. “කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සඳහා බදුකරණ ක්‍රියාවලිය හා කොවිඩ් 19 කාලසීමාව තුළ ලබා දුන් සහන” යන තේමාව යටතේ මෙම වෙබ් සම්මන්ත්‍රණය සංවිධානය කර තිබුනි.

SME ක්ෂේත්‍රය පිළිබඳව සෑම විටම වැඩි අවධානයකින් කටයුතු කරන සෙලාන් බැංකුව රටේ ආර්ථික ක්‍රියාවලියට එමඟින් ලැබෙන සවිබලය පිළිබඳව ඉහළ තක්සේරුවක් ඇති බැංකුවකි.

එම ක්ෂේත්‍රයෙහි නිරත ව්‍යාපාරිකයන්ගේ දැනුම වර්ධනය වෙනුවෙන් කැපවීමෙන් කටයුතු කරන සෙලාන් බැංකුව නිරන්තරවම මෙවැනි වැඩසටහන් හරහා හොඳම විසඳුම් ලබා දීමට සැලකිලිමත් වේ.

ප්‍රයිස් වෝටර් හවුස් කූපර්ස් සමාගමේ බදු සේවා ෙජ්‍යෂ්ඨ උපදේශිකා හා දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවේ හිටපු නියෝජ්‍ය කොමසාරිස් ජෙනරාල් දීපානි හේරත් මිය විසින් මෙම සම්මන්ත්‍රණය මෙහෙයවන ලදී.

බදුගෙවීමට දායක වීමේ වැදගත්කම හා හිඟ බදු මුදල් පිළිබඳව තොරතුරු ලබාගැනීමට අදාළව SME ගනුදෙනුකරුවන් වෙත දැනුම ලබා දීම මෙම වෙබ් සම්මන්ත්‍රණය මඟින් ඉලක්ක කර තිබුණි.

Comments