ත්‍රී සිංහ සමූහ ව්‍යාපා­ර­යට රන් සම්මාන දෙකක් | Page 2 | සිළුමිණ

ත්‍රී සිංහ සමූහ ව්‍යාපා­ර­යට රන් සම්මාන දෙකක්

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සමාගමක් වන ත්‍රී සිංහ සමූහ ව්‍යාපාරය ශ්‍රී ලංකා වාණිජ හා කර්මාන්ත මණ්ඩල සම්මේලනය සංවිධානය කළ වසරේ ව්‍යවසායකයා සම්මාන උළෙලේදී ජාතික මට්ටමේ, මහාපරිමාණ කාණ්ඩයේ, රන්සම්මානයෙන් සහ බස්නාහිර පළාතේ, මහාපරිමාණ කාණ්ඩයේ, රන්සම්මානයෙන් පිදුම් ලැබීය.සම්මාන උළෙල ජනාධිපති ගෝඨාභය රාජපක්ෂයන්ගේ ප්‍රධානත්වයෙන් උත්කර්ෂවත් ලෙස පැවැත්විණි.

ත්‍රී සිංහ සමූහව්‍යාපාරයේ කළමනාකාර අධ්‍යක්‍ෂ මංජුල ආරියකුමාර එහිදී සම්මානය ලබා ගත්තේය.“නිෂ්පාදන සහ සේවා විශිෂ්ට මට්ටමින් සැපයීම අපගේ ප්‍රධාන දැක්ම වනනිසා ත්‍රී සිංහ සමූහ ව්‍යාපාරය නිරන්තරයෙන්ඇගැයීමට ලක් වෙමින් සම්මාන දිනා ගන්නවා.

කුඩා පරිමාණයෙන් අරඹා වර්තමානයේදී ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සමාගමක් බවට පත්වී තිබෙන ත්‍රී සිංහ සමූහ ව්‍යාපාරය සම්මාන රැසකින් පිදුම් ලබා ඇත. ලංකා ජාතික කර්මාන්ත මණ්ඩලය පිරිනැමූ කර්මාන්ත විශිෂ්ටතා රන් හා රිදීසම්මාන සහ ශ්‍රී ලංකා වාණිජ හා කර්මාන්ත මණ්ඩල සම්මේලනය පිරිනැමූ විශිෂ්ටතම ව්‍යවසායකයා රන් හා රිදී සම්මාන හිමිකර ගැනීමත්, ශ්‍රී ලංකා වාස්තු විද්‍යාඥයන්ගේ ආයතනය පිරිනැමූ නිෂ්පාදන විශිෂ්ටතා සම්මාන වලින් අඛණ්ඩව පිදුම් ලැබීමත් ඒ අතරින් ප්‍රධානය.

Comments