කොම­ර්ෂල් බැංකුවේ යාප­නය ශාඛාව නව හරිත ගොඩ­නැ­ගි­ල්ලකට | Page 2 | සිළුමිණ

කොම­ර්ෂල් බැංකුවේ යාප­නය ශාඛාව නව හරිත ගොඩ­නැ­ගි­ල්ලකට

ඓතිහාසික මතකය යළි කැන්දමින් 1930 ගණන්වල සිට බැංකු සේවා හා සබැඳි ලිපිනයක කොමර්ෂල් බැංකුව විසින් සිය යාපනය ශාඛාව පසුගිය දා නැවත විවෘත කරන ලදී.

යාපනය ජනතාවට ලබාදෙන සේවාව තවදුරටත් පුළුල් කරමින් අංක 474, රෝහල පාර, යාපනය යන ලිපිනයේ සම්පූර්ණයෙන්ම පරිසර හිතකාමී සැලසුම් වලට අනුකූලව අලූතෙන් ඉදිකරන ලද ගොඩනැගිල්ලක නව ශාඛාව මෙහෙයුම් ඇරඹීය.

මෙම ස්ථානයේ පිහිටි මුල්ම ගොඩනැගිල්ල 1973 වසරේදී මර්කන්ටයිල් බෑන්ක් ඔෆ් ඉන්ඩියා හි ශාඛා තුනක් කොමර්ෂල් බැංකුව විසින් අත්පත් කරගත් අවස්ථාවේදී බැංකුවේ අයිතියට පත්වූ අතර පරම්පරා ගණනාවක ගනුදෙනුකරුවන් වෙනුවෙන් මෙහි සිට බැංකු සේවා ලබාදීමට බැංකුව කටයුතු කර ඇත.

මෙම බැංකු ශාඛාව 1973 වසරේ සිට අඛණ්ඩව මෙහෙයුම් පවත්වා ඇති අතර මේ වනවිට කොමර්ෂල් බැංකුව යාපන අර්ධද්වීපය තුළ ශාඛා 12 ක් සහ උතුරු පළාත තුළ ශාඛා 18 ක් පවත්වාගෙන යයි.

මහල් පහකින් සමන්විත කොමර්ෂල් බැංකුවේ නව යාපනය ශාඛා ගොඩනැගිල්ල 2021 මාර්තු 15 වැනිදා උත්සවාකාරයෙන් විවෘත කරන ලදී.

මෙහි Cash Recycler යන්ත්‍ර පහක් (CRMs) eSlip චෙක්පත් එකතු කිරීමේ ස්ථානයක් සහ චෙක්පත් තැන්පතු කිරීමේ යන්ත්‍රයක් ස්වයංක්‍රීය බැංකුකරණ මධ්යකස්ථානයක් පිහිටුවා තිබේ.

බැංකුව සඳහන් කරන්නේ මෙම පහසුකම් තුළින් දිනයේ පැය විසිහතර පුරාම වසරේ දින 365 තුළම මුදල් ලබාගැනීමට සහ තැන්පත් කිරීමට පහසුකම් ලබාදී ඇති බවයි.

Comments