SUPERBOX ශ්‍රී ලංකාවේ ප්‍රථම පරි­පූර්ණ සේවා On-line සුපිරි වෙ‍ෙළ­ඳ­සැල | Page 2 | සිළුමිණ

SUPERBOX ශ්‍රී ලංකාවේ ප්‍රථම පරි­පූර්ණ සේවා On-line සුපිරි වෙ‍ෙළ­ඳ­සැල

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට පරිපූර්ණ හා සියලු සේවාවන් එකම ස්ථානයකින් ලබාදෙන On-line සුපිරි වෙළඳසැලවන superbox.lk දියත් කිරීම පසුගියදා සිදුකෙරිණි.

මෙමඟින් වඩාත් ඉක්මනින් හා පහසුවෙන් පාරිභෝගිකයන් වෙත භාණ්ඩ ගෙනගොස් භාරදීමට අපේක්ෂා කෙරේ. නැවුම් ආහාර, ශීත කළ හා අධිශීතකළ ආහාර ද්‍රව්‍ය හා වියළි ආහාර ද්‍රව්‍ය ඇතුළුව පුළුල් පරාසයක පැතිරුණු භාණ්ඩ වර්ග රාශියක් මේ ඔස්සේ මිලදී ගැනීමට ශ්‍රී ලාංකිකයන්ට අවස්ථාව සැලසෙනු ඇත.

ව්‍යාපාර ලොවේ ප්‍රමුඛයන් දෙදෙනෙකු වන සිදත් කොඩිකාර සහ දුලිත් හේරත් යන මහත්වරුන් එක්වී SUPERBOX නිර්මාණය කර තිබේ. අද දවසේ ගුණාත්මකභාවයෙන් ඉහළ, ඉක්මන් හා විශ්වාසනීය on-line ග්‍රොසරි භාණ්ඩ අලෙවි හා ඩිලිවරි සේවාවක් වෙනුවෙන් පවතින විශාල ඉල්ලුම හඳුනා ගමින් මෙම පියවර ගන්නා ලදී.

ඒ අනුව, භාණ්ඩ ගබඩා කිරීම, ප්‍රසම්පාදනය, අලෙවි කිරීම සහ මිලදීගන්නා භාණ්ඩ ගෙනගොස් භාරදීම ඇතුළුව සියලු කටයුතු SUPERBOX මඟින් සිදුකරනු ලබනු ඇත.

Comments