සොෆ්ට්ලො­ජික් IT සහ SLTC අත්වැල් බැඳ­ගනී | Page 2 | සිළුමිණ

සොෆ්ට්ලො­ජික් IT සහ SLTC අත්වැල් බැඳ­ගනී

උපාධි අපේක්ෂකයන්ගේ ලැප්ටොප් සිහිනය යථාර්ථයක් බවට පත් කිරීමේ ප්‍රමුඛ අරමුණ ඇතුව, ශ්‍රී ලංකාවේ ප්‍රධාන පෙළේ තාක්ෂණික සේවා/විසඳුම් සම්පාදකයකු වන සොෆ්ට්ලොජික් ඉන්ෆෝමේෂන් ටෙක්නෝලජීස්, ශ්‍රී ලංකා තාක්ෂණික විශ්වවිද්‍යාලය සමඟ හවුල්කාරීත්වයකට එළඹ ඇත. මේ හරහා, ශ්‍රී ලංකා තාක්ෂණික විශ්ව විද්‍යාලයේ (SLTC)2021 අධ්‍යන වර්ෂය සඳහා ප්‍රවේශ වන සිසුන් 1000කට අධික පිරිසක් සඳහා නවතම ලැප්ටොප් පරිගණක සුවිශේෂී වට්ටම් මිලකට මිලදී ගැනීමේ හැකියාව හිමිවේ.

මෙම සුවිශේෂී හවුල්කාරීත්වය පිළිබඳ අදහස් දක්වමින් සොෆ්ට්ලොජික් තාක්ෂණික ආයතනයෙහි හි ප්‍රධාන විධායක නිලධාරී/ අධ්‍යක්ෂ රොෂාන් රසූල් මහතාවිසින් මෙලෙස පවසා සිටියි. “අපේ රටේ අනාගතය වන විශ්ව විද්‍යාල සිසුන්ගේ ලැප්ටොප් පරිගණක සිහිනය යථාර්ථයක් බවට පත් කිරීමට SLTC හා ඇතිකර ගත් මෙම හවුල්කාරීත්වය ඉවහල් වේ. මෙම ව්‍යපෘතිය උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ පවතින විවිධ තාක්ෂණික පරතරයන් අවම කිරීමට මූලාරම්භයක්ද සපයන අතරම සමාජීය සුභ සාධනය වෙනුවෙන් කැපවූණු සමාගමක් ලෙසද, ශ්‍රී ලාංකේය සිසුන්ගේ අධ්‍යාපන සිහින ළඟා කරගැනීම උදෙසා දායකත්වය ලබා දීමට හැකි වීම පිළිබඳව අපද විශාල සතුටකට හිමිකම් කියයි.”

ඩිජිටල්කරණයත් සමඟ ලොව පුරා විශ්වවිද්‍යාලන්හි ඉගෙනුම් ක්‍රමවේදයන් හයිබ්‍රිඩ් ඉගෙනුම් ආකෘති වෙත හුවමාරු වෙමින් පවතින අතර සිසුන්ගේ පහසුව අනුව සාම්ප්‍රදායික ඉගෙනුම් අත්දැකීම් වලින් බැහැරව, සම්ප්‍රදායික දේශන සඳහා මෙන්ම ඔන්ලයින් දේශන සඳහා සිසුන් සහභාගී වන ද්විත්ව ඉගෙනුම් ක්‍රමවේදයක් වර්තමානයේ දක්නට ලැබෙනු ඇත. මෙම ප්‍රවණතාවයන් සඳහා සාර්ථකව මුහුණ දීමට සිසුන්ට අවශ්‍ය තාක්ෂණික සහය ලබා දීමට Softlogic IT හා SLTC හවුල්කාරීත්වය ඉවහල් වනු ඇත.

Comments