නෙස්ලේ සමා­ග­මට සම්මාන 3 ක් | Page 2 | සිළුමිණ

නෙස්ලේ සමා­ග­මට සම්මාන 3 ක්

2020 හොඳම ආයතනික පුරවැසි තිරසාර සම්මාන උළෙලේදී , නෙස්ලේ සමාගම දේශීය ප්‍රජාව නඟාසිටුවීම වෙනුවෙන් සිදුකළ ඉමහත් කාර්යභාරය අගයමින්, ප්‍රජා සබඳතා සඳහා පිරිනමන සම්මානය ද ඇතුළුව සම්මාන 3 කින් පිදුම් ලබයි.

පසුගියදා පැවති 2020 වර්ෂයේ හොඳම ආයතනික පුරවැසි තිරසාර සම්මාන උළෙලේදී හොඳම ප්‍රජා සබඳතා සඳහා වන අංශයේ ජයග්‍රාහකයා බවට පත්වීමට නෙස්ලේ ලංකා සමාගම සමත් විය.

ව්‍යාපාර ලෝකය තුළ විවිධ සමාගම්, තිරසාරභාවය උදෙසා අනුගමනය කරන ක්‍රියාමාර්ග ඇගයීම අරමුණු කරගනිමින් ලංකා වාණිජ මණ්ඩලය විසින් වාර්ෂිකව මෙම සම්මාන උළෙල සංවිධානය කරනු ලබයි.

දේශීය ප්‍රජාව තුළ ධනාත්මක බලපෑමක් ඇතිකරමින්, ගොවියාගේ සිට පාරිභෝගිකයා දක්වා දිවෙන වටිනාකම් දාමය හා බැඳුණු ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කිරීම වෙනුවෙන් ලබාදුන් ප්‍රබල දායකත්වය වෙනුවෙන් නෙස්ලේ සමාගම මෙසේ සම්මානයට පාත්‍ර විය. තව ද 2020 වසරේ ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම ආයතනික පුරවැසියන් 10 දෙනා අතරට නෙස්ලේ ලංකා සමාගමද නම් කෙරිණ. ‍නෙස්ලේ සමාගම, 20,000කට වැඩි ශ්‍රී ලාංකීය කිරි ගොවීන්, පොල් ගොවීන් සහ වගාකරුවන් ප්‍රමාණයකගේ ජීවනෝපාය සමඟ බැඳී කටයුතු කරන අතර, ගෙවුණු වසර තුළ පමණක් ක්ෂුද්‍ර පෝෂකවලින් පරිපූර්ණ කරන ලද ආහාර වේල් මිලියන 923ක් පාරිභෝගිකයන්ට ලබාදීමට ද නෙස්ලේ සමාගම සමත්ව තිබේ.

Comments