උතුරු සුළඟ මංගල දැක්ම... | සිළුමිණ

උතුරු සුළඟ මංගල දැක්ම...

චාරම ජනරාජී පීරිස් සිය කුලුඳුල් සිනමා කෘතිය එළි දැක්වූයේය. බලාපොරොත්තු සහගත යොවුන් නිර්මාණකරුවෙක් ලෙස ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයේ ස්වකීය සලකුණු තැබූ චාමර සිනමාවට ප්‍රවේශ වන්නේ ‘උතුරු සුළඟ‘ චිත්‍රපටයෙනි.

 

‘උතුරු සුළඟේ‘ මංගල දැක්ම පසුගිය 23 දා කොල්ලුපිටිය ලිබර්ටි සිනමා ශාලාවේ දී පැවැත්විණි. ලාංකේය සමාජය අත්විඳි බිහිසුණු යුද්ධය පැවැති වකවානුවේ සිදුවිය හැකි යථාර්ථයක් කල්පිතයක ගොනු කර මැද ධාරාවේ සිනමා නිර්මාණයක් බිහි කිරීමට මේ තරුණ නිර්මාණකරුවා උත්සාහ කර තිබුණේය. ශ්‍රියන්ත මෙන්ඩිස්, බිමල් ජයකොඩි, මීනා කුමාරි, සුජානි මේනකා, එරංග ජීවන්ත, කවින්ද්‍යා දුල්ශානි ඇතුළු නළු නිළි පිරිසක් උතුරු සුළඟට රංගනයෙන් එක් වෙති.

ප්‍රවීණ සිනමා නිෂ්පාදකයෙක් වූ වෙළෙඳ ඇමති බන්දුල ගුණවර්ධන, ඇතුළු සම්භාවනීය අමුත්තන් පිරිසක් මෙන්ම ප්‍රවීණ සිනමාකරුවන් විශාල සංඛ්‍යාවකගේ සහභාගීත්වයෙන් මංගල දර්ශනය පැවැත්විණි.

ජයන්ත චන්ද්‍රසිරි, බුඩී කීර්තිසේන මේ සිනමා කෘතිය සම්බන්ධව දැක්වූ ප්‍රසාදාත්මක විචාරය ‘උතුරු සුළඟ‘ පිළිබඳ ප්‍රේක්ෂක බලාපොරොත්තු ඇති කළේය. ප්‍රදර්ශනය වීමට නියමිතව තිබූ සිනමා කෘතිය රටේ පවතින තත්ත්වය හේතුවෙන් මේ වනවිට තාවකාලිකව නැවතී තිබේ. එහෙත් නුදුරේදීම ‘උතුරු සුළඟ‘ ප්‍රේක්ෂක සහෘදයන් වෙත හමා යනු ඇත.

 

Comments