සෞභාග්‍යමත් දේශයක් - සවිමත් වැඩබිමක් | Page 2 | සිළුමිණ

සෞභාග්‍යමත් දේශයක් - සවිමත් වැඩබිමක්

මැයි 1 වැනිදා ලෝක කම්කරු දිනයයි. ඇමරිකාවේ චිකාගෝ නුවර 1886 වසරේ පැය 8ක වැඩ දිනයක් ඉල්ලා ගෙන ගිය අරගලය එයට නිමිත්ත විය. ලොව මැයි දින සැමරුම් 1890 වසරේ සිටම සිදු වුවද ශ්‍රී ලංකාවේ ප්‍රථම මැයි දින සැමරුම පවත්වන ලද්දේ 1927 වසරේදීය. මෙවර ශ්‍රී ලංකාවේ පමණක් නොව ලොව පුරා රටවල් බහුතරයක කම්කරුවන්ගේ මැයි රැලි සහ පෙළපාළි රට තුළ පවතින කොවිඩ් 19 අවදානම් තත්ත්වය නිසා ගිලිහී ඇත. ශ්‍රී ලංකාවේද එය එසේමය. එහෙත් ප්‍රධාන ධාරාවේ සෑම දේශපාලන පක්ෂයක්ම සිය මැයි දින සැමරුම් ‘ඔන්ලයින්‘ ඔස්සේ පවත්වනු ලබයි. සිළුමිණ ඡායාරූප ශිල්පී සුදත් මලවීර දුම්රිය මාර්ගයේ හදිසි නඩත්තු කටයුත්තක යෙදී සිටි මෙම කම්කරුවන්ගේ සේයාරුව ඊයේ ගනු ලැබුවේ රාගම හොරපේ දුම්රිය ස්ථානය අසලදීය.

 


Comments