OPPO F19 Pro මාදිලිය ශ්‍රී ලංකාවට | සිළුමිණ

OPPO F19 Pro මාදිලිය ශ්‍රී ලංකාවට

නිර්මාණශීලී ජංගම දුරකථන හා උපාංග සම්බන්ධයෙන් ලොව ප්‍රමුඛයෙකු වන OPPO සමාගමේ F-Series දුරකථන මාලාවේ මෙතෙක් එළිදුටු තාක්ෂණික වශයෙන් දියුණුතම මාදිලියක් ලෙස හැඳින්වියහැකි OPPO F19 Pro මාදිලිය ශ්‍රී ලංකාවට හඳුන්වා දීම පසුගියදා සිදුකෙරිණි. අන්තර්ජාලය නිර්මාණශීලී ලෙස භාවිතාකරන්නන්ට හොඳින් ගැළපෙන වීඩියෝ විශේෂාංග ඇතුළු නවතම විශේෂාංග රාශියක් මීට ඇතුළත් වී තිබේ. මෙම දුරකථන මාදිලිය හඳුන්වා දීම සඳහා පැවති ‘F19 PRO Stylish Launch Night’ වැඩසටහන OPPO Sri Lanka හි නිල සමාජ මාධ්‍ය නාළිකා ඔස්සේ විකාශය කරන ලදි.

ශ්‍රී ලංකාව පුරා විසිරුණු රසික රසිකාවියන් ඇතුළුව දහස් ගණනක් දෙනා මෙම වැඩසටහන නැරඹීමට එක්වූහ. OPPO F19 Pro මාදිලිය සඳහා සන්නාම තානාපතිනිය ලෙස කටයුතු කරන්නේ ජනප්‍රිය ගායිකාවක වන, The Voice වැඩසටහනේ පුහුණුකාරිනියක ලෙස කටයුතු කරන උමාරියා සිංහවංශයි.

Comments