HNB FINANCE මුලතිව් ශාඛාවට රන් ණය සේවා මධ්‍යස්ථානයක් | Page 2 | සිළුමිණ

HNB FINANCE මුලතිව් ශාඛාවට රන් ණය සේවා මධ්‍යස්ථානයක්

 

ශ්‍රී ලංකාවේ ප්‍රඛමුඛතම මූල්‍ය සමාගමක් HNB FINANCE PLC සිය රන් ණය සේවා තවදුරටත් ව්‍යාප්ත කරමින් සිය නවතම රන් ණය මධ්‍යස්ථානය මුලතිව් HNB FINANCE ශාඛා පරිශ්‍රය තුළ විවෘත කළේය. අංක 94, පී. ඩබ්ලිව්.ඩී. මාවත මුලතිව් යන ලිපිනයෙහි පිහිටා ඇති මෙම මෙම රන් ණය මධ්‍යස්ථානය සතියේ දිනවල උදෑසන 8.30 සිට පස්වරු 5 දක්වා ගනුදෙනු කටයුතු සඳහා විවෘතව පවතී.

යුද ගිනිදැල් නිවී යෑමෙන් අනතුරුව මුලතිව් දිස්ත්‍රික්කයෙහි ව්‍යාපාර කටයුතු ආරම්භ කළ HNB FINANCE සමාගම පසුගිය කාල වකවානුව පුරාම මුලතිව් හා ඒ අවට ප්‍රදේශයන් වෙත සිය සේවා පවත්වාගෙන ගිය අතර අභිනවයෙන් විවෘත වූ රන් ණය මධ්‍යස්ථානය සමඟින් රන් ණය සේවා පාරිභෝගිකයන් වෙත ලබාදීමට කටයුතු කරනු ඇත.

මේ අනුව මුලතිව් නගර සීමාව හා ඒ අවට ජනතාව වෙත මූල්‍යම සමාගමක් වෙතින් ලබාගත හැකි සියලූ මූල්‍ය සේවා ලබාදෙන ප්‍රමුඛතම මූල්‍ය සමාගම බවට HNB FINANCE පත් වනු ඇත.

අභිනව HNB FINANCE මුලතිව් රන් ණය මධ්‍යස්ථානය HNB FINANCE හි ප්‍රාදේශීය කළමනාකාර ජේ.ජෝන් සහ නියෝජ්‍ය ප්‍රාදේශීය කළමනාකාර එස්.මයුරන් යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පසුගියදා විවෘත කෙරුණි.

Comments