අපනයන විශිෂ්ටතා රන් සම්මාන දිනමින් DSI Tyres ජාත්‍යන්තරය ජය ගනී | සිළුමිණ

අපනයන විශිෂ්ටතා රන් සම්මාන දිනමින් DSI Tyres ජාත්‍යන්තරය ජය ගනී

 

සැබෑ ශ්‍රී ලාංකේය සන්නාමයක් වන DSI Tyres දශක ගණනාවක සිට ජාත්‍යන්තරය දිනූ දේශීය නිෂ්පාදනයක් බව නැවතත් තහවුරු කරමින් 28 වැනි වාර්ෂික NCE අපනයන සම්මාන උළෙලේදී මහාපරිමාණ කාණ්ඩයේ රබර් ටයර් සහ ඒ ආශ්‍රිත නිෂ්පාදන අංශයේ රන් සම්මානයෙන් පිදුම් ලැබීය. ජාතික අපනයන මණ්ඩලය සංවිධානය කළ මෙම සම්මාන උළෙල උත්කර්ෂවත් ලෙස කොළඹ ෂැන්ග්‍රි ලා හෝටලයේදී පැවැත්විණි. මීට පෙරද අපනයන විශිෂ්ටතා සහ ජනාධිපති අපනයන සම්මාන රැසකින් පිදුම් ලබා ඇති DSI Tyres ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම සන්නාම 125 අතරටද නම් විය.මෝටර් සයිකල් ටයර්, ත්‍රිරෝද රථ ටයර්, බයිසිකල් ටයර් සහ ටියුබ් වෙළෙඳපොළේ දේශීය ප්‍රමුඛයා වෙමින් Made in Sri Lanka සලකුණ ලොවපුරා ප්‍රචලිත කිරීම DSI Tyres සමත් වී ඇත.100%ක්ම දේශීය සමාගමක් DSI Tyres වර්තමානයේදී 3,000කට පමණ රැකියා ලබාදී තිබේ. භාණ්ඩ නිෂ්පාදනයට දේශීය අමුද්‍රව්‍ය බහුලව යොදා ගැනීම සමාගමේ ප්‍රමුඛ ප්‍රතිපත්තියකි.

 

Comments