මාස 3ට යාපනයෙන් 1,600ක් යුද හමුදාවට | Page 2 | සිළුමිණ

මාස 3ට යාපනයෙන් 1,600ක් යුද හමුදාවට

මේ වසරේ මුල් මාස 3 ඇතුළත යාපනය අර්ධද්වීපයෙන් පමණක් 1600ක දෙමළ ජාතික තරුණ තරුණියන් පිරිසක් යුද හමුදාවට බැඳී ඇතැයි යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පසුගියදා යාපනයේ පලාලිහිදී පැවසූ බව හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් නිලන්ත ප්‍රේමරත්න සිළුමිණට කීය.

මේ දිනවල දිවයින පුරාම යුද හමුදාවට ආධුනික සෙබළුන් බඳවා ගැනීම් සිදු කරන බව පැවසූ බ්‍රිගේඩියර් ප්‍රේමරත්න පැවසුවේ  

දෙමළ තරුණ තරුණියන් මෙසේ හමුදාවට එක්වීම රටේ සංහිඳියාවට විශාල පිටිවහලක් බවයි..

එමෙන්ම සියලු ජාතීන් හා එක්ව කටයුතු කළ හැකි පරිසරයක් යාපනයේ නිර්මාණය වී ඇතැයි හමුදාපතිවරයා ඒ අවස්ථාවේදී පැවසූ බවත් රටට අවශ්‍ය වන්නේ සියලු ජාතීන් එක්ව කටයුතු කළ හැකි පරිසරයක් බවද හමුදාපතිවරයා පවසා තිබේ. මේ අවස්ථාවට යාපනය, මුලතිව්, කිළිනොච්චි හා වන්නි ආරක්ෂක සේනා ආඥාපතිවරුන්ද සහභාගි වී තිබේ.

Comments