පාසල් දෙවැනි වාරය හෙට සිට | Page 2 | සිළුමිණ

පාසල් දෙවැනි වාරය හෙට සිට

 අප්‍රේල් අවුරුදු නිවාඩුවෙන් පසු රජයේ පාසල්වල දෙවැනි පාසල් වාරය හෙට දින (19 වැනිදා) ආරම්භ විමට නියමිතය. මෙදින ලංකාවේ සියලු පාසල්වල අධ්‍යන කටයුතු ආරම්භ වන අතර අධ්‍යාපන ලේකම් මහාචාර්ය කපිල සි. පෙරේරා සිළුමිණට සඳහන් කළේ අප්‍රේල් නිවාඩුවට පෙර ඒ ඒ පාසල් කොවිඩ් සෞඛ්‍ය නිර්දේශයන්ට අනුකූලව සිසුන් කොටස් කර ගෙන්වා පංති පවත්වා ගෙන ගිය ආකාරයෙන්ම පාසල් ආරම්භ කර පවත්වා ගෙන යාමට නියමිත බවයි. ඒ අනුව ඒ ඒ පාසල්වල සිටින් සිසුන්ගේ ප්‍රමානයට අනුව විදුහල්පති අභිමතය පරිදි කොටස් වශයෙන් සිසුන්ව පාසල්වලට ගෙන්වා ගැනීමට නියමිතයි. ඉදිරියේදි සියලු සිසුන් එකවර පාසලට ගෙන්වා ගැනීමට අනුමැතිය හිමි වන්නේ සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරායගේ අනුමැතිය ලැබීමෙන් පසුව බවත් අධ්‍යාපන ලේකම්වරයා වැඩිදුරටත් පැවැසීය.

එසේම 2021 වර්ෂයේ අගෝස්තු මස පැවැත්වීමට නියමිතව තිබූ අ.පො.ස. උසස් පෙළ විභාගය මේ වසරේ ම ඔක්තෝම්බර් 04 වැනි දින සිට ඔක්තෝම්බර් 30 වැනි දින දක්වාත්, 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය ඔක්තෝම්බර් මස 03වන ඉරිදාත්, 2021වසරට අදාළ අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය 2022 ජනවාරි අවසාන සතියේත් පැවැත්වීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කර සිටියි.

Comments