පිලිප් කුමරුගේ අවසන් කටයුතු අප්‍රේල් 17 වනදා | සිළුමිණ

පිලිප් කුමරුගේ අවසන් කටයුතු අප්‍රේල් 17 වනදා

 අභාවප්‍රාප්ත එඩින්බරෝහි ආදිපාදවරයා වූ පිලිප් කුමරුගේ අවසන් කටයුතු අප්‍රේල් 17 වනදා වින්ඩ්සර් කාසල්හි ශාන්ත ජෝර්ජ් දේවස්ථානයේ දී සිදු කිරීමට නියමිත බව බකිංහැම් මාලිගය සෙනසුරාදා නිකුත් කළ නිවේදනයක දැක්වේ.
 
“එඩින්බරෝ ආදිපාදවරයාගේ දේහය තැන්පත් කර ඇති පෙට්ටිය, රාජකීයන්ගේ පෞද්ගලික ප්‍රමිතියෙන් ආවරණය වූ මල් වඩමකින් සැරසී වින්ඩ්සර් කාසල්හි පෞද්ගලික දේවස්ථානයේ තැන්පත් කර ඇති අතර එය අවමංගල්‍ය දිනය දක්වා පවතිනු ඇත” යනුවෙන් බකිංහැම් මාලිගයේ ප්‍රකාශයක සදහන් වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
 
පිල්ප් කුමරු වෙනුවෙන් ලොව පුරා සිටින රාජ්‍ය නායකයින් සහ අගමැතිවරුන් විශාල පිරිසක් ශෝකය පළ කර තිබේ.
 
මහ බ්‍රිතාන්‍යය ඔහුට ගෞරවය දැක්වීම පිණිස ආචාර වෙඩි මුර 41ක් පැවැත්වීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
 
අමරිකානු ජනාධිපති ජෝ බයිඩන් තම ශෝකය ප්‍රකාශය කරමින් සඳහන් කළේ, ආදිපාදවරයාගේ දෙවන ලෝක සංග්‍රාමයේ සේවය සහ පාරිසරික ක්‍රියාකාරකම්වලට දැක්වූ සහයෝගය ප්‍රශංසා කරන අතර ඔහුගේ වයස අවුරුදු 99ක් වුවත් ඔහු කිසිවිටෙක මන්දගාමි නොවූ බවය.
 
ෆිලිප් කුමරු දෙවන එළිසබෙත් මහ රැජිණගේ සහකරු ලෙස 73 වසරක් ගත කළ අතර වයස අවුරුදු 99 ක්ව සිටියදී පසුගියදා (09) අභාවප්‍රාප්ත විය.
 
දේහය පිළිබඳ අවසන් කටයුතු වින්ඩ්සර් රාජකීය මන්දිරයේ ශාන්ත ජෝර්ජ් දේවස්ථානයේදී සිදුකිරීමට සැලසුම් කර තිබූ නමුත් කොරෝනා වසංගතය හේතුවෙන් එය වෙනස් කිරීමට තීරණය කර ඇති බව නිවේදනයක් නිකුත් කර ඇත.
 
ඒ අනුව, පිලිප් කුමරුගේ අවසන් කටයුතු සම්බන්ධයෙන් තොරතුරු මෙම සති අන්තයේ නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
 

Comments