බදුල්ලේ ගුරු­වරු බදුල්ලම හොල්ලති | Page 2 | සිළුමිණ

බදුල්ලේ ගුරු­වරු බදුල්ලම හොල්ලති

වැටුප් විෂ­මතා ගැට­ලු­වක් මුල් කර ගනි­මින් ඌව පළාතේ ගුරු සහ විදු­හ­ල්පති වෘත්තිය ක්‍රියා මාර්ග­යක් හේතු­වෙන් අප්‍රේල් 6 වැනිදා පාසැල් සිය­ල්ලක්ම පාහේ වැසී ගොස් තිබුණේ ගුරු­ව­රුන් විදු­හ­ල්ප­ති­ව­රුන් නැති පාස­ල­කට ළමුන් පැමි­ණී­මෙන් ඵලක් නැති නිසාය. එදින ඌව පළාතේ කිසිදු පාස­ලක අධ්‍යා­පන කට­යුතු සිදු කෙරුණේ නැත. පාසලේ සේව­යට වාර්තා කර තිබුණේ අන­ධ්‍ය­යන කාර්ය මණ්ඩ­ල­වල සේව­ක­යන් පමණි. මෑතක අධ්‍යා­පන ක්ෂේත්‍රයේ සිදු­ක­රන ලද සාර්ථ­කම විරෝ­ධතා ව්‍යාපා­රය මෙය විය.

මෙම ඒකා­බද්ධ වෘත්තිය ක්‍රියා මාර්ගය සඳහා ඌව පළාතේ සිය­ලුම පාස­ල්වල ගුරු­ව­රුන් සහ විදු­හ­ල්ප­ති­ව­රුන් එක්ව සිටියේ අස­නීප නිවාඩු ලබා ගනි­මින්ය.

වෘත්තීය සමිති ක්‍රියා මාර්ගය දිය­ත්වන පසු­බි­මක බණ්ඩා­ර­වෙල හපු­තලේ වැලි­ම­ඩළ පස්ස­රල මහි­යං­ගණ ඇතුළු ප්‍රදේශ ගණ­නා­වක සිට බස්, වෑන් ඇතුළු වාහන වලින් බදු­ල්ලට පැමිණි දහස් ගණ­නක් වූ ගුරු-විදු­හ­ල්ප­ති­ව­රුන් එදින පෙර­වරු 11.00 ට පමණ බදුල්ල නග­ර­යට එක්රැස් වූහ.

එතැන් පටන් සටන් පාඨ කිය­මින් විරෝ­ධතා පෙළ­පා­ළි­ය­කින් ඌව පළාත් සභා සංකී­ර්ණය ඉදි­රි­පි­ටට පැමි­ණි­යහ. මෙම විරෝ­ධතා පෙළ­පාළිය හා උද්ඝෝ­ෂ­ණය නිසා මාර්ගය සම්පූ­ර්ණ­යෙන්ම වැසී යාමෙන් පැය දෙක­කට අධික කාල­යක් වාහන ගම­නා­ග­ම­න­යද ඇණ­හි­ටිනි.

මේ උද්ඝෝ­ෂ­ණය පිළි­බ­ඳව අද­හස් දැක්වූ ශ්‍රී ලංකා ඉස්ලාම් ගුරු සංග­මයේ ප්‍රධාන ලේකම් එම්. කේ. මොහො­මඩ් නියාර් පැව­සුවේ මෙවැ­න්නකි.

‘ගුරු­ව­රුන් කියන්නේ අනෙක් හැමෝ­ටම ආද­ර්ශ­වත් අය. මේ නිසා තමයි 1994 හිඳලා මේ වෙන­කම් පැවැති හැම ආණ්ඩු­වක්ම ගුරු­ව­රුන්ව රව­ට්ටන්නේ. ගුරු සේවය පිහිටු දවසේ හිඳලා ගුරු සේවය වර්ණනා කර­ගෙන ගුරු­ව­රුන්ව රව­ට්ටන එක විත­රයි මේ ආණ්ඩු කළේ. තව­දු­ර­ටත් අපි රැව­ටෙන්න සූදා­නම් නෑ. අපේ වැටුප් විෂ­මතා ප්‍රශ්න­යට කඩි­නම් විස­ඳුම් ලබා­දෙන්න ඕනෑ. අවු­රුදු 27 ක් පුරා මේ විෂ­ම­තාව මතම ගැරු­වරු විශාල පිරි­සක් විශ්‍රාම ගියා. මිය ගියා. දැන් මේ ඉන්න අය­ට­වත් මේ ගැට­ලුව විස­ඳලා සාධා­ර­ණය ඉටු­ක­රන්න ඕනෑ කියන හඬ තමයි බදුල්ල දිස්ත්‍රි­ක්කයේ සියලු ගුරු­ව­රුන් එකා­මෙන් පෙන්නුවේ.

ලංකා ගුරු සේවා සංග­මයේ බදුල්ල දිස්ත්‍රික් ලේකම් නන්දන හපු­ගොඩ මෙසේ කීය.

‘ගුරු­වරු සමා­න්තර අනෙක් සේවා සමඟ බල­න­විට බර­ප­තළ වැටුප් විෂ­ම­තා­ව­කට ලක්ව තිබෙ­නවා. එදා රිචඩ් පති­රණ අධ්‍යා­පන ඇමති විදි­හට ඉන්න­කොට තමයි 1997 දී ගුරු සේවය පිහි­ටු­වනු ලැබුවේ. 1997 බී. සී පෙරේරා වැටුප් කොමි­සමේ අලුත් ප්‍රති­සං­ස්ක­රණ වලින් ගුරු සේවය හැර අනෙක් සමා­න්තර සේවා වල වැටුප් වැඩි කළා. එදා අධ්‍යා­පන ලේකම් තාරා ද මැල්, මුදල් ඇමති සරත් අමු­ණු­ගම ගුරු සේවය විශේෂ සේවා­වක් ලෙස සලකා එහි වැටුප් වැඩි­කි­රීම පසුව සිදු­ක­රන බව සඳ­හන් කළා. අද වන­විට අවු­රුදු 24 ක් වෙනවා; තව­මත් වැටුප් වැඩි­වුණේ නෑ. 2006/6 යනු­වෙන් තවත් චක්‍ර­ලේ­ඛ­යක් ආවා ඒකෙන් වැටුප් විෂ­ම­තාව තවත් වැඩි­වුණා. අද­ව­න­විට ගුරු සේවයේ පළමු ශ්‍රේණියේ ගුරු­ව­ර­යෙ­කුගේ විෂ­ම­තාව රුපි­යල් 32,225 ක් වෙනවා. අපි මේ ඉල්ලීම වෙනු­වෙන් විභාග වර්ජ­නය කළා, දින පහක වැඩ වර්ජ­න­යක් කළා; එහෙත් මේ වෙන­කම් විස­ඳු­මක් නෑ‘

මීට කලින් ආණ්ඩුවේ ඩලස් අල­හ­ප්පෙ­රුම අධ්‍යා­පන ඇමති වෙලාවේ මේ විෂ­ම­තාව පිළි­ගෙන එය විෂ­ම­තාව නිවැ­රදි කරන තෙක් අතුරු දීම­නා­වක් ලබා­දෙන්න එකඟ වුණා. ඒකට කැබි­නට් පත්‍රිකා දැම්මා.

එහෙත් ඒක ලබා­දෙන විදි­හක් තිබුණේ නෑ. ඒ අතුරු දීම­නාව ලබා දෙන විදිහ ඉල්ලලා පහු­ගිය අවු­රුද්දේ මාර්තු­වල වැඩ­ව­ර්ජ­නය කළා. මේ ඉල්ලීම් ලැබෙ­න­කම් අපි අපේ සටන දිග­ටම ගෙනි­ය­නවා. මීළඟ විරෝ­ධ­තාව ලබන 29 වැනිදා ගාල්ල දිස්ත්‍රි­ක්කයේ පව­ත්ව­නවා‘

සමස්ත ලංකා එක්සත් ගුරු සංග­මයේ උප ලේකම් සෙන­රත් බණ්ඩා­රගේ අද­හස මෙසේය.

‘වැටුප් විෂ­මතා ප්‍රශ්න­යට අම­ත­රව ඌව පළාතේ ගුරු­ව­රුන්ගේ ප්‍රශ්න එම­ටයි. ස්ථාන මාරු­වීම් පිළි­බඳ නිසි ක්‍රම­වේ­ද­යක් නෑ. ඒවා කෙරෙන්නේ හිත­ව­ත්කම් මත. හිත­වත් නැති අය ඈතට; හිත­වත් අය නග­රය තුළ. අනෙක ගුරු­ව­රුන්ගේ හිඟ වැටුප් ගෙවා නෑ. ආපදා ණය ගෙවන්නේ නෑ. ගුරු­ව­රුන්ගේ දැඩි පීඩ­න­යක් මුදා හැරියා. මේ පළාත් සභාවේ සිදු කෙරෙන අප්‍ර­සන්න ක්‍රියා සම්බ­න්ධ­යෙන් ඉදි­රියේ දී දැවැන්ත වැඩ­පි­ළි­වෙ­ළ­කට යනවා‘

ලංකා ගුරු සංග­මයේ දිස්ත්‍රික් ලේකම් සරත් රත්නා­යක මේ සම්බ­න්ධ­යෙන් මෙසේ පැව­සීය.

‘වැටුප් විෂ­මතා මුලික කර­ගෙන අප කළ මෙවර විරෝ­ධ­තාව අති­ශ­යින්ම සාර්ථක වුණා. ගුරු­වරු විදු­හ­ල්ප­ති­වරු වැඩි ප්‍රමා­ණ­යක දාය­ක­ත්වය ලැබුණා.

මේ ප්‍රශ්න­යට අම­ත­රව බදුල්ල දිස්ත්‍රි­ක්කයේ ගුරු­ව­රුන්ට ගොඩාක් ප්‍රශ්න තියෙ­නවා. දේශ­පා­ලන අත­පෙ­වීම් වැඩියි. දේශ­පා­ලන බලය ඇති ගුරු­වරු අවු­රුදු පහ­ළො­වක් විස්සක් නග­රයේ එකම පාසලේ ඉන්නවා. ගුරු මාරු­වීම් සාධා­රණ විදි­හට කෙරෙන්නේ නැහැ. විදු­හ­ල්ප­ති­වරු පත්කි­රීමේ දී දේශ­පා­ල­නය මුල්ක­ර­ගෙ­නයි කරන්නේ. මේවට විරු­ද්ධව 2014 හිඳ­ලම සටන් කළත් වැඩක් නෑ. ඉදි­රියේ දී අපිත් ලොකු සට­න­කට යනවා‘

ඌව පළාත් ආණ්ඩු­කාර එම්. ජේ. එම්. මුස­ම්මිල් පැව­සුවේ මෙවැ­න්නකි.

මේ අර්බු­දය අපිට සම්බන්ධ දෙයක් නොවෙයි. මේක ජාතික මට්ටමේ ප්‍රශ්න­යක්. ඕනෑම ප්‍රශ්න­යක් දිග්ගැ­ස්සීම හොඳ නෑ. නමුත් මේ විරෝ­ධ­තාව දැක්වූයේ ගුරු­වරු, විදු­හ­ල්ප­ති­වරු. එදා දවසේ දරු­වන්ගේ අධ්‍යා­ප­නය සම්පූ­ර්ණ­යෙන්ම ඇණ­හි­ටියා ඒ නිසා. කොරෝනා නිසා අවු­රු­ද්ද­කට වැඩි කාල­යක් දරු­වන්ගේ අධ්‍යා­ප­න­යට බාධා ඇති­වුණා. එහෙම එකේ මේ වගේ විරෝ­ධතා දරු­වන්ට ලොකු පාඩු­වක්‘

ඌව පළාත් අධ්‍යා­පන අධ්‍යක්ෂ ඩී. ඇම්. රත්නා­ය­කගේ අද­හස මෙසේය.

‘මේ උද්ඝෝ­ෂ­ණය ගැන කල්තියා අප දැනු­වත් කර තිබුණා. පළාත් අධ්‍යා­පන ලේකම්ට යවන ලද ලිපි­යක පිට­ප­තක් මා වෙතද එවා තිබුණා.

ඒ ලිපියේ වෘත්තීය සමිති අටක නියෝ­ජි­ත­යන් අත්සන් කර තිබුණා. 94 සිට පව­තින වැටුප් විෂ­ම­තා­ව­කට විස­ඳුම් සහ අවි­ධි­මත් ලෙස කරන පත්වීම් නතර කරන්න කියා එම ලිපියේ තිබුණා. එවැනි පත්කි­රී­මක් කරලා නැහැ. ඒ වගේම එවැනි පත්කි­රීම් කරන්න කියලා කවු­රුත් බල­පෑම් කර­ලත් නැහැ. මේ වැටුප් විෂ­ම­තාව රාජ්‍ය මට්ට­මින් විස­ඳිය යුතු දෙයක්.

ඒකට පළාත් බල­ධා­රීන්ට හෝ දෙපා­ර්ත­මේන්තු ප්‍රධා­නීන්ට කිසි­වක් කරන්න බැහැ.
නමුත් චක්‍ර­ලේඛ මඟින් ලබා­දී­මට නියම කර ඇති සියලු සහන සල­සා­දී­මට අපි පිය­වර ගෙන තිබෙ­නවා. මේ විරෝ­ධ­තාව නිසා පාස­ල්වල පැමි­ණීම ඉතා­මත් දුර්වල මට්ට­මක පැවැ­තුණේ. සම­හර පාස­ල්වල පැමි­ණීම සිය­යට එකත් පහ­ළො­වත් අතර වුණා.

Comments