HNB FINANCE අනු­රා­ධ­පුර ශාඛාව තම­න්ගේම නිව­හ­න­කට | සිළුමිණ

HNB FINANCE අනු­රා­ධ­පුර ශාඛාව තම­න්ගේම නිව­හ­න­කට

වසර 20 ක් පුරා ශ්‍රී ලාංකීය පාරිභෝගික ජනතාව වෙත නම්‍යශීලී මූල්‍ය සේවාවන් තිළිණ කළ HNB FINANCE PLC හි අනුරාධපුර ශාඛාව පසුගියදා ඔවුන්ටම අයත් සිවුමහල් ගොඩනැගිල්ලකට පිවිසියේය. අභිනව ශාඛාව නොම්මර 64, අභය පෙදෙස නව නගරය යන ස්ථානයෙහි පිහිටා ඇත. HNB FINANCE හි කළමනාකාර අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී චමින්ද ප්‍රභාත්ගේ ප්‍රධානත්වයෙන් රටේ පවතින නිරෝධායන නීතිවලට අනුකූලව අනුරාධපුර ශාඛාවේ සමාරම්භය සිදු කෙරිණ. අභිනව ශාඛාවේ සමාරම්භයට සමගාමීව අනුරාධපුර නගරය කේන්ද්‍ර කර ගනිමින් විශේෂ ප්‍රවර්ධන වැඩසටහනක් දියත් වූ අතර එහිදී HNB FINANCE හි සේවා පිළිබඳව මහජනතාව දැනුම්වත් කරන ලදි.

Comments